14.9 C
New York

සිසුවෙක් පාසලේ දී කසිප්පු විකුණලා

Published:

පාසලට ගෙනවිත් කසිප්පු අළෙවි කරමින් සිටි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පවසයි.

මෙම සිසුවා යම් පානයක් අනෙක් සිසුන්ට අළෙවි කරන බව දැනගත් ගුරුවරියක විසින් ඒ පිළිබඳ සොයා බැලීමේ දී අළෙවි කරන්නේ කසිප්පු බව තහවරු වී ඇත. එ් බව පොලිසියට දැනුම්දීමෙන් පසු පාසලට පැමිණි පොලිස් නිලධාරීන් එම සිසුවා පොලිස් භාරයට ගෙන එම කාර්යයේ ඇති බරපතල තත්වය සහ නීතිමය කරුණු අවබෝධ කර දී තරයේ අවවාද කර මුදාහැර තිබේ.

09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සැකකාර සිසුවා වතුර රැගෙන එන බෝතලයක කසිප්පු රැගෙනවිත් එය කෝප්පවලට දමා ඉහළ පන්තිවල සිසුන්ට අළෙවි කර තිබිණි.

Related articles

Recent articles

spot_img