spot_img
spot_imgspot_img

ඇළකින් මතු වූ, සුදු පැහැති පෙණ පිටුපස විෂ රසායනික ද ?

පුවත්

විදෙස්

හෝමාගම, දෙල්ගහවත්ත ප්‍රදේශයෙන් ගලාබසින ඇළ මාර්ගයක සුදු පැහැති පෙණ තොගයක් ගොඩගැසී ඇතැයි ගම්වාසීහු චෝදනා කරති.

මෙම පෙණ දක්නට ලැබෙන්නේ පුළුන් තොගයක් මෙනි. වෙල්යායක් මැදින් ගලාබසින් මෙම ඇළ කටුවාන කර්මානත් පුරයට ආසන්නයෙන් පැමිණෙන බැවින් කිසියම් කර්මාන්තශාලාවකින් පිටකරන ලද රසායනික ද්‍රව්‍යයක් ඇළේ ජලයට එකතුවීමෙන් මේ තත්වය ඇති වී තිබේ යැයි ගැමියෝ සැකපළ කරති.

පසුගිය දා ගිනි ගැනීමට ලක්වූ කර්මාන්තශාලාවෙන් පිටවූ අපද්‍රව්‍යයක් ද යන්න පිළිබඳව ද සැකයක් ඇති බැව්න මේ පිළිබඳ බලධාරීන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔවුහු කියති.

ඇළ දිගේ ම මේ පෙන දැකිය හැකි අතර දෙල්ගහවත්ත වෙල්යායේ සොරොව්ව අසළ එම පෙණ ඒකරාශී වී උස්ව ගොඩගැසී තිබෙන පැහැදිළිව නිරීක්ෂණය කළ හැකිය.

ගම්වාසීන් පවසන්නේ මේ පෙන ස්පර්ශ වුවහොත් කැසීමක් හටගන්නා බවයි. එමෙන් ම පෙන නැරඹීම සඳහා ඊට ආසන්න වූ පුද්ගලයකුට වමනය ඇති වී තිබෙන බව ද වාර්තා වේ.

දැඩි සුළග ඇති අවස්ථාවල දී මෙලෙස ගොඩගැසී ඇති පෙණ තොගයෙන් කොටස් ඉවත් වී සුළඟ සමඟ පාවී ගොස් ප්‍රදේශය පුරා විසිරී යන ආකාරයක් ද දක්නට ලැබෙයි.

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!