spot_img
spot_imgspot_img

පාකින්සන් රෝගීන් ගැන විශ්මිත අනාවරණයක්

පුවත්

විදෙස්

වයස්ගත බොහෝ පුද්ගලයන් පීඩාවිඳින පාකින්සන් රෝගය සම්න්ධයෙන් අතිශය වැදගත් සොයාගැනීමක් සිදුකළ බව පර්යේෂකයෝ පිරිසක් කියති.

ඒ අනුව වෛද්‍යවරුන් යම් පුද්ගලයකුට පාකින්සන් රෝගය වැළඳී ඇතැයි හඳුනාගැනීමට  වසර ගණනාවකට පෙර එම පුද්ගලයාට රෝගය වැළඳීමට නියමිත බව හඳුනාගැනීමට හැකිවීමයි.

Moorfields Eye Hospital සහ University College London (UCL) හි සේවය කරන විශේෂඥයන් පිරිසක් සිදුකළ පර්යේෂණයකින් මේ බව තහවරු කර ඇත. මිනිස් ඇසේ පිටුපස ඇති දෘෂ්ඨි විතානයේ ස්වභාවය අධ්‍යයනය කිරීමෙන් මෙම නව සොයාගැනීම සිදුකර තිබේ.

මෙම අධ්‍යයනය එක්සත් රාජධානියේ Biobank ව්‍යාපෘතියේ කොටසක් ලෙස සිදුකර තිබේ.  වයස අවුරුදු හතළිහට වැඩි රෝගීන් 154,830 ක් සහ වයස අවුරුදු හතළිහ සිට හැට නවය දක්වා වූ ස්වේච්ඡවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 67,311 ක් ඇතුළු විශාල පිරිසකගෙන් මේ සඳහා අවශ්‍ය තොරතුරු ලබාගෙන ඇත.

මොළයේ සමීප පරීක්ෂණ

පාකින්සන් රෝගයෙන් පීඩාවිඳි පුද්ගලයින්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ මොළය අධ්‍යයන කිරිමේ පරීක්ෂණ මගින් ද වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. හොඳ සෞඛ්‍ය සම්පන්නව ජීවිතයේ අවසන් වසර කිහිපය ජීවත්වන පුද්ගලයන්ට වඩා පාකින්සන් රෝගයෙන් පෙළෙන අයගේ ඇසේ අභ්‍යන්තර න්‍යෂ්ටික ස්ථරය (INL) ලෙස හැඳින්වෙන කොටස වෙනස් බව මෙම පර්යේෂකයන් තහවරු කරගෙන ඇත.

ganglion cell-inner plexiform layer (GCIPL) නමින් හැඳින්වෙන දෘෂ්ටි විතානයේ මතුපිට ආසන්නයේ ඇති සෛල ස්ථරය මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සිහින් බව ද පර්යේෂණ මගින් සනාථ වෙයි.

මෙය වෛද්‍ය විද්‍යාවේ වැදගත් සොයා ගැනීමක් වන්නේ පාකින්සන් රෝගය වර්ධනය වීමේ අවදානම හඳුනාගත හැකි බවට සාක්ෂි ලැබුණු පළමු අවස්ථාව මෙය වන බැවිනි.

වෛද්‍යවරුන්ට පාකින්සන් රෝගය ඇති බව හඳුනා ගැනීමට වසර ගණනාවකට පෙර ඇසේ වෙනස්කම් දැකිය හැකි වීම වැදගත් සංධිෂ්ඨානයකි. එය පාකින්සන් රෝගය දැනට විනිශ්චය කරන ආකාරයට වසර හතකට පමණ පෙර හඳුනාගත හැකි වීම මේ පර්යේෂණයේ වැදගත් බව සනාථ කරයි.

ඇල්සයිමර් රෝගය, බහු ස්ක්‍ලෙරෝසිස් සහ භින්නෝන්මාදය වැනි මොළය ආශ්‍රිත විවිධ තත්වයන් හඳුනා ගැනීමට අක්ෂි පර්යේෂණ ප්‍රයෝජනවත් බව සනාථ වී තිබේ.

මෙම පර්යේෂණයේ ප්‍රධානී වෛද්‍ය Siegfried Wagner (UCL අක්ෂි වෛද්‍ය ආයතනය සහ මුවර්ෆීල්ඩ් අක්ෂි රෝහල ) පැවසුවේ, “ඇස් සියුම්ව පරීක්ෂා කිරීම මගින් අපට සොයා ගත හැකි දේ ගැන මා මවිතයට පත්වුණා.” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි දෙයකි.

“රෝග ලක්ෂණ මතුවීමට පෙර රෝග ගණනාවක සළකුණු සොයාගැනීම යන්නෙන් අදහස් වන්නේ, අනාගතයේ දී, මිනිසුන්ට යම් යම් තත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ජීවන රටාව වෙනස් කිරීමට කාලය තිබිය හැකි බවයි. ඒ වගේ ම වෛද්‍යවරුන්ට ජීවිතයේ ආරම්භය හා බලපෑම ප්‍රමාද කළ හැකි බවයි. විශේෂයෙන් ම වෙනස්වන ස්නායු විකෘතික ආබාධ කල්තිය හඳුනාගත හැකිවීම ඉතාමත් වැදගත්.“

ඇස් ස්කෑන් විශ්ලේෂණය කිරීමට කෘතිම බුද්ධිය

මෑත කාලවලදී, පර්යේෂකයන් ඇස්වල සිදුකරන සියුම් පර්යේෂණවලට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කිරීමට ද කටයුතු කර තිබේ. පර්යේෂකයන් උත්සාහ ගන්නේ ඉදිරියේ දී හෘද රෝග ඇතිවීමේ ප්‍රවණතාව හඳුනාගැනීමට ද ඇසේ ඇතිවන වෙනස්කම් පදනම් කරගත හැකි ද යන්න අධ්‍යයනය කිරීමටය.

අධි-විභේදන, 3D Optical Coherence Tomography (OCT) ස්කෑන් ලෙස හැඳින්වෙන අති නවීන තාක්‍ෂණය, දෘෂ්ටි විතානය දෙස පුදුම සහගත ලෙස පැහැදිලි පෙනුමක් ලබා දෙයි. මෙම ස්කෑන් විශේෂ වන්නේ හානිකර ක්‍රියා පටිපාටිවලින් තොරව සමට යටින් ගැඹුරු සෛල ස්ථර දැකීමට වෛද්‍යවරුන්ට ඉඩ සලසන බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!