spot_img
spot_imgspot_img

මාරාන්තික බැක්ටීරියා රෝගය ගාල්ලෙන් පිටත බන්ධනාගාරවලටත් ගිහින්

පුවත්

විදෙස්

ගාල්ල බන්ධනාගාරයෙන් මතු වූ මෙනින්ජකොකල් නමැති මාරාන්තික රෝගය තවත් බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු ඉල්ලීමක් අනුව පැහැදිළි වෙයි.

මෙම තොරතුරු ඉල්ලීම සිදුකරන ලද්දේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසිනි.

එම තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාර අනුව පැහැදිළි වන්නේ මෙම රෝගයට අදාල රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් පළමුවෙන් ම වාර්තා වී ඇතතේ අගෝස්තු මස 12 වැනි දා බවයි. එවැනි රෝගීන් වෙනත් බන්ධනාගාරවලින් ද හමුවෙමින් පවතින බවත් ඒ සම්බන්ධ තවමත් තොරතුරු එකතුකරමින් සිටින බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීවරයා විසින් දැනුම් දී තිබේ.

අගෝස්තු 21 වැනිදා ගාල්ල සහකාර බන්ධනාගාර අධිකාරීවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට යොමු කළ ලිපියක සඳහන් වන්නේ මෙම රෝගය රැඳවූවන් අතර, සීග්‍රයෙන් පැතිර යන බවයි. නේවාසික රැඳවියන් දෛනිකව රෝහල් ගත කිරීමට සිදුවී ඇති බවත්, බන්ධනාගාර රෝහලේද රෝග ලක්ෂණ සහිත පිරිස් ඇතුළත් කර ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

කොරෝනා ව්‍යාප්තිය මෙන් සමාජයේ සහ බන්ධනාගාර තුල පැතිරයනතුරු සිට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට මෙම රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා බලධාරීන් වහාම කටයුතු කළ යුතුය. රැඳවා සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කළ යුතුව ඇති බව එම තොරතුරු පරීක්ෂා කරද්දී පෙනී යයි.

නොලැබිණු තොරතුරුවලට අදාලව අභියාචනා කිරීමට නියමිතය.

  1. මෙලෙස හඳුනා නොගත් රෝගයකට ගොදුරු වී ඇත්තේ කුමන බන්ධනාගාරයක රඳවාසිටි පිරිස්ද? එම බන්ධනාගාරයේ මුළු සිරකරුවන්/රඳවා සිටින පිරිස කොපමණද? බන්ධනාගාර නිලධාරීන් ගණන කොපමණද?

ගාල්ල බන්ධනාගාරය

නේවාසිකයන් ප්‍රමාණය 1009

නිලධාරීන් ප්‍රමාණය 183

2. එම බන්ධනාගාරයේ රඳවා සිටි පිරිස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තේ කවදා සිටද? ඒ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ නිලධාරීන් යෙදූ සටහන්වල පිටපත්, ඉහළ නිලධාරීන්ට කරුණු දැනුම් දුන් ලේඛනවල පිටපත් ලබා දෙන්න.

2023 අගෝස්තු මස 12 වැනි දින සිට

ඇමුණුම් අංක 01 මගින් විස්තර දක්වා ඇත.

3. ඔවුන් රෝහල් ගත කරනු ලැබුවේ කවදාද? කුමන රෝහලකටද? කවුරුන් විසින්ද?

2023 අගෝස්තු 13 වැනි දින සිට  මේ දක්වා වරින් වර රෝගීන් රෝහල් ගතකර ඇත. ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්සණ රෝහල වෙත, බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

4. කොපමණ පිරිසක් මේ වන විට රෝගයට ගොදුරු වී ඇතැයි හඳුනාගෙන තිබේද?

මේ වනවිට රෝගීන් 03ක් ස්ථිරව ම රෝගයට ගොදුරු වී ඇති බව තහවරු කරගෙන ඇත.

5. එම රෝගයට ලක්ව මිය ගිය දෙදෙනා කුමන වැරදි වලට අදාලව, කුමන අධිකරණයක් විසින්, කිනම් දිනක බන්ධනාගාර ගත කරන ලද්දේදෙ?

ඔවුන් නීතියෙන් වරදකරුවන් කර නොමැත

ගරු ගාල්ල අතිරේක හා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය

2023-03-09 දම 2023-07-02

6. මිය ගිය දෙදෙනාට අදාල නඩු අංක දෙක, ඊට අදාල අධිකරණ දෙක සහ ඊළඟ නඩු දිනය ලබා දෙන්න.

ගාල්ල ප්‍රධාන ම/උ – ඉදිරි දිනය 2023.08.24

ගාල්ල අතිරේක ම/උ – ඉදිරි දිනය 2023-12-05

7. මිය ගිය දෙදෙනාගේ සම්පූර්ණ නම් ලබා දෙන්න. දැනට රෝහල් ගත කර සිටින පිරිස කුමන වැරදිවලට අදාලව, කුමන අධිකරණයක් විසින්, කිනම් දිනක බන්ධනාගාර ගත කරන ලද්දේද?

ඔබගේ ඉල්ලීම පරිදි පැය 48ක් තුළ තොරතුරු ලබාදීමක් සිදුවන බැවින් ඒ සඳහා අදාළ කර ගන්නා තොරතුරු අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රකාර වන නිර්ණායකයන් ඔබ විසින් සපුරා නොමැති බැවින් 07 වැනි ප්‍රශ්නයට අදාළව පිළිතුරු ලාබදීමට අපොහොසත් වී ඇති බව වාර්තා කරමි.

8. ඔවුන් නීතියෙන් වැරදි කරුවන් කර තිබේද එසේනම් ඒ කවර අධිකරණවල දී ද  ?

ඔවුන් නීතියෙන් වැරදි කරුවන් කර නොමැත

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, තාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය, ගාල්ල මහාධිකරණය,, ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය

2023/08/04, 2023/06/16, 2023/08/17, 2023/08/19, 2023/06/26

9. දැනට රෝහල් ගත කර සිටින පිරිසට අදාල නඩු අංක, ඊට අදාල අධිකරණ සහ ඊළඟ නඩු දින වෙන් වශයෙන් ලබා දෙන්න.

ඔබගේ ඉල්ලීම පරිදි පැය 48ක් තුළ තොරතුරු ලබාදීමක් සිදුවන බැවින් ඒ සඳහා අදාළ කර ගන්නා තොරතුරු අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රකාර වන නිර්ණායකයන් ඔබ විසින් සපුරා නොමැති බැවින් 07 වැනි ප්‍රශ්නයට අදාළව පිළිතුරු ලාබදීමට අපොහොසත් වී ඇති බව වාර්තා කරමි.

10. බන්ධනාගාරයේ ඉතිරි රදවාගෙන සිටින පිරිස්/සිරකරුවන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළේද? කළේ නම් කවදාද? කුමන වෛද්‍යවරයකුටද?

ඔව්. නිතරම පපරීක්ෂාවට හා අධීක්ෂණයට ලක්කරයි.

බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත

11. මෙම බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයකු පැමිණි අවසන් දිනය කවද්ද?

2023-08-20

12. මෙම බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළේද? කළේ නම් කවදාද? කුමන වෛද්‍යවරයකුටද?

ඔව්

යම් රෝග ලක්ණයක් පෙන්වන නිලධාරීන් දිනපතා වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරයි

බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත

13. මිය ගිය දෙදෙනා රෝහල් ගත කරනු ලැබූ දිනය කවද්ද? කුමන රෝහලකටද?

2023-08-13 දින හා 2023-08-20 වැනි දින කරාපිටිය ශික්ෂණ රෝහල

14. ශ්‍රී ලංකාවේ වෙනත් බන්ධනාගාරවලින් මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් ගැන වාර්තා වී තිබේද? තිබේ නම් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊටඅදාල ලේඛනවල පිටපත් ලබා දෙන්න.

ඔව්, මීට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන දත්ත එක්රැස් කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!