spot_img
spot_imgspot_img

ලොව පැරණිම ජෙලිෆිෂ් වර්ගය සොයාගනී

පුවත්

විදෙස්

අදින් වර්ෂ ලක්ෂ 5050ක් පමණ පැරනි ෆොසිල අතරින් එම යුගයේ ගොඩබිම ජලයේ පිහිනා ගිය පැරණි ජෙලිෆිස් සත්වයකුගේ ඉතාමත් හොඳින් ආරක්ෂා වී ඇති ෆොසිසල 170ක් පමණ සොයාගෙන තිබේ

මෙම ජෙලිෆිෂ් ‍ෆොසිල තුළ අතාමත් මෘදු පටක පවා සංරක්ෂණයක වී ඇති නිසා ඒවායේ අභ්‍යන්තර ව්‍යුහ විද්‍යාත්මක තොරතුරු පවා අධ්‍යයය කළ හැකි වීම ඇදහිය නොහැකි කරුණක් බව විද්‍යාඥයෝ කියති. මෙම ජෙලිෆිෂ් විශේෂය Burgessomedusa phasmiformis ලෙස නම්කර ඇති අතර එ් පෘථිවියේ මෙතෙක් හමු වී ඇති පැරණිත ම ජෙලිෆිෂ් විශේෂය ලෙස සැළකේ.

“ජෙලිෆිෂ් සහ ඔවුන්ගේ ඥාතීන් පරිණාමය වූ මුල්ම සත්ව කණ්ඩායම් වලින් එකක් ලෙස සැලකුවද, ඔවුන් Cambrian ෆොසිල වාර්තාවට ඇතුළත් කිරීම සැලකිය යුතු තරම් දුෂ්කර වී තිබුණා. නමුත් මේ සොයා ගැනීම ඒ කාලයේත් ඔවුන් පිහිනමින් සිටි බව හොඳම සාක්ෂියක් සපයනවා” ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සහ කැනඩාවේ රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරයේ පාෂාණ විද්‍යාඥ ජෝ මොයිසියුක් පවසයි.

පුරාවිද්‍යාඥයන් සතුව ඇති ෆොසිල වාර්තාඅතරින් සියල්ලම පාහේ දෘඪ අස්ථි කොටස්වලින් සමන්විත ඒවා වෙයි. මෘදු පටක ඉතා සියුම් බැවින් එම පටක ඉක්මණින් දිරාපත්වන බැවින් ඒවායේ වාර්තා ඇත්තේ ස්වල්පයකි.

කැනඩාවේ බර්ගස් ෂේල් යනු කේම්බ්‍රියානු යුගයේ සිට බොහෝ මෘදු සතුන් සංරක්ෂණය කර ඇති සුප්‍රසිද්ධ ෆොසිල නිධියකි. එය වරක් ජල කඳක් ගලාගිය භූමියකි. එහි ජීවත් වූ සතුන් සියුම් රොන්මඩ තුළට කා වැදී ඇති අතර. වසර මිලියන ගණනක කාලය සහ පීඩනය විසින් ඔවුන් ෆොසිල ලෙස ආරක්ෂා කිරීමට හේතු වී තිබේ.

ජෙලිෆිෂ් සතුව ඇත්තේ ඉතා මෘදු පටක බැවින් ඒවා බොහෝ විට සංරක්ෂණය කරනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු. කෙසේ වෙතත්,

Burgessomedusa සොයා ගැනීම ජෙලිෆිෂ් පරිණාමයේ කාල රේඛාව ගණනය කිරීම සඳහා නව පදනමක් ලබා දෙයි.  

රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරයේ පාෂාණ විද්‍යාඥ ජීන් බර්නාඩ් කැරන් පවසන්නේ “මෙම කඳු මුදුනේ පාෂාණ ස්ථරවල සංරක්ෂණය වී ඇති ඇදහිය නොහැකි තරම් සියුම් සතුන් සොයා ගැනීම විද්‍යා ලෝකයේ විශිෂ්ඨතම සොයාගැනීමක් බවයි.

” Burgessomedusa Cambrian ආහාර ජාල වල සංකීර්ණත්වය වැඩි කරන්නට ඇත. මෙම  ජෙලිෆිෂ් කාර්යක්ෂම පිහිනුම් විලෝපිකයන් විය.

මෙම පර්යේෂණය Royal Society B Biological Sciences හි ක්‍රියාදාමයන් හි ප්‍රකාශයට පත් කර ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!