spot_img
spot_imgspot_img

කලම්බු ස්ට්‍රයිකර්ස් හමුවේ බී-ලව් කැන්ඩි පරාජය වෙයි

පුවත්

විදෙස්

කලම්බු ස්ට්‍රයිකර්ස් සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම් අතර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය යටතේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරඟය ලකුණු 27කින් ජය ලැබීමට කලම්බු ස්ට්‍රයිකරස් කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 157ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු බාබර් අසාම් 19 වැනි පන්දුවාරයේ දී දැවී ගියේ ඉනිමේ කොඳු නාරටිය බවට ත්වෙමින් පන්දු 52ක දී හයේ පහර 01ක් සහ හතරේ පහර 04ක් සමඟ ලකුණු 59ක් රැස්කරගෙන සිටිය දී ය.

ආරම්භක පිතිකරු නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 04කට සහ පැතුම් නිශ්ශංක ලකුණු 15ක දුවද්දී දැවීයාමත් හේතුවෙන් කලම්බු ඉනිම කඩා වැටුණ ද නුවනිඳු ප්‍රනාන්දු සහ බාබර් අසාම් පන්දු 57ක දි ලකුණු 60ක් රැස්කරමින් කණ්ඩායම ආරක්ෂිත ස්ථානයකට ඔසවා තැබූහ.

ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බී-ලව් කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරුන් දෙදෙනා ම තනුක දාඹරේ (04) සහ කමිඳු මෙන්ඩිස් (15) දවා ගැනීමට නසීම් ෂා සමත්විය. මතීෂ පතිරණට දිනේෂ් චන්දිමාල්, නායක වනිඳු හසරංග සහ ඉසුරු උදාන දැවීයාමත් සමඟ කැන්ඩි කණ්ඩායට හිස එසවීම අපහසු බවක් පෙනෙන්නට තිබිණි. මතීෂ ලකුණු 24කට කඩුලු 03ක් දවා ගත්තේය.

එක් අන්තයක් ආරක්ෂා කරමින් සිටි සර්ෆරාස් අහමඩ් පන්දු 21කට මුහුණ දී ලබාගත්තේ ලකුණු 16ක් පමණි බී-ලව් කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් උත්සාහ ගත්ත ද ඔහුගේ  ඉනිමත් පන්දු 22ක දී ලකුණු 25ක් ලබා සිටිය දී නිමා විය. ඒ වනවිට ඔහු හයේ පහර 01ක් සහ හතරේ පහර 02ක් එල්ල කර තිබිණි.

පන්දු ඕවර 20 අවසානයේ බී-ලව් කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 130ක් පමණි. ඒ අනුව කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 27ක ජයග්‍රහණයක් හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!