spot_img
spot_imgspot_img

ලොව සුපිරිම පරිගණකය එළිදකී

පුවත්

විදෙස්

අබුඩාබි හි පවත්වාගෙන යන තාක්ෂණ සමාගම් සමූහයක් වන G42 මගින් ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණනකය Condor Galaxy-1 (CG-1) එළිදක්වා ඇති බව නිවේදනය කරයි.

මෙම සුපිරි පරිගණකයේ core මිලියන 54ක් සහ exaflops 04 ප්‍රොසෙසරයක් ඇති බව එම සමාගම පවසයි.

මෙම සුපිරි පරිගණකය කැලි‍ෆෝර්නියාවේ සැන්ටා ක්ලාරා හි ස්ථාපිත කර ඇති අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘතිම බුද්ධිය සම්බන්ධ කටයුතු කරන සමාගමක් වන Cerebras විසිනි. ඒ අනුව මෙම පරිගණකය එක්සත් ජනපද නීතියට අනුව කටයුතු කරන බව ද නිෂ්පාදකයන් විසින් දැනුම් දී තිබේ.

ලොව තාක්ෂණික ක්ෂේත්‍රයේ කෘතිම බුද්ධිය සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් මෙම සුපිරි පරිගණකය කෙරෙහි ද විශාල අවදානයක් යොමුව පවතී. මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් ඉතා මිල අධික යටිතල පහසුකම් ගොඩනගා ඒ මත ක්‍රියාකිරීමට වෙනත් පුද්ගලික සමාගම්ව සමඟ ගිවිසුම් ගතවීම සිදුකරයි.

අබුඩාබිහි සමාගමක් වන G42 එවැනි සේවා සපයන තාක්ෂණික සමාගමකි. අනාගත ලෝකය සඳහා පහසුකම් නිර්මාණය කිරීම ඔවුන් සිදුකරයි. එම සමාගම පවසන්නේ මානව වර්ගයා මුහුණ දෙන විශාලත ම ගැටලු විසඳීමට උපකාරීවීම සඳහා සුපිරි පරිගණකයක් ලෙස Condor Galaxy පද්ධතිය ගොඩනැගූ බවයි.

Condor Galaxy යනු කුමක් ද ?

බොහෝ තාක්ෂණික සමාගම් කාතිම බුද්ධිය සඳහා උපකාරී කරන දත්ත පද්ධති සමූහ වශයෙන් සකස් කරයි. ඒ සඳහා අවශ්‍ය සැකසුම් ඒකක (GPUs) දහස් ගණනක් යොදා ගනී. එවැනි පද්ධතියකින් දත්ත බෙදා හැරීමේ ගැටලු සහ දුර්වලතා ඇති විය හැකි බැවින් වේගවත් සුපිරි පරිගණකයක් ලබාදීම විශාල ජයග්‍රහණයක් බව මෙම පරිගණකය නිර්මාණය කිරීමේ දී  G42 සමඟ  ඒකාබද්ධව කටයුතු කළ Cerebras Systems හි ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ෆෙල්ඩ්මන් පවසයි.

මධ්‍ය සුපිරි පරිගණකයක් භාවිතා කරනවා වෙනුවට කෘතිම බුද්ධි ආකෘති නිපදවීම සඳහා ගතවන කාලය ඉතා විශාල ලෙස අඩුකළ හැකි අන්තර් සම්බන්ධිත සුපිරි පරිගණක කට්ටලයක් මේ මගින් ගොඩනැගිය හැකි බව ඔහු පෙන්වාදෙයි. කෘතිම බුද්ධි ආකෘති සැකසීම තත්පර කිහිපයක් දක්වා අඩු කිරීම

Condor Galaxy සුපිරි පරිගණකයට 36 exaFLOPS ඒකාබද්ධ සැකසුම් බලයක් ඇති බැවින් එය වර්තමාන පරිගණක ලෝකයේ පෙර නොවූ විරූ නිර්මාණයක් බව නිෂ්පාදකයෝ කියති.

Condor Galaxy තුළ සෑම නවීන තාක්ෂණයක් ම ඇත. එය මෙතෙක් ලෝකයේ තිබූ වේගවත්ම සුපිරි පරිගණකයට වඩා 04 ගුණයකින් වේගවත්ය. බිලියන 600ක පරාමිති ආකෘතින් අධ්‍යයනය කළ හැකි අතර ට්‍රිලියන 100ක පරාමිති ආකෘති සඳහා සහය දැක්වීම හැකියාව තිබේ.  

නිෂ්පාදකයන් පවසන්නේ මෙහි දෙවැනි සහ තුන්වැනි අදියර ලෙස CG-2 සහ CG-3 ලෙස තවත් පරිගණක දෙකක් 2024 වර්ෂයේ දී හඳුන්වා දෙන බවයි.

මෙම සුපිරි පරිගණකය සෞඛ්‍ය ආරක්ෂණය, බලශක්තිය සහ දේශගුණික විපර්යාස නිසා ඇතිවන අභියෝගවලට මුහුණදීමට උපකාරී වනු ඇතැයි ද විශ්වාස කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!