අදින් වසර ලක්ෂ 52කට පෙර අප්‍රිකාවේ වාසය කළ ඉතා තියුණු උල්, දිගු දත් සහිත බළල් කුලයේ සත්ව විශේෂ දෙකක පොසිල හමුවූ බව විද්‍යාඥයන් කියයි.
මෙම සොයාගැනීම හේතුවෙන් බළල් කුලය සම්බන්ධයෙන් ලෝකයේ මෙතෙක් සොයාගෙන තිබූ දත්ත අභියෝගයට ලක්වන බව ද පර්යේෂකයන්ගේ මතය වී ඇත.
Qigao Jiangzuo, Caitlin Rabe, Juan Abella, Romala Govender සහ Alberto Valenciao යන පර්යේෂකයන් විසින් සිය වාර්තාව ජාත්‍යන්තර iScience සඟරාවේ ජූලි 20 කලාපයේ ප්‍රකාශයට පත් කරන ලදී.
පර්යේෂකයන් පවසන්නේ මිනිසාගේ පූර්වජයා දෙපයින් නැගී සිට ඇවිද යාමට උත්සා ගත්තේ ඇයිද යන්න මේ අපූරු සොයාගැනීමෙන් හෙළිදරව් කළ හැකි බවයි.
දකුණු අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ Langebaanweg නගරය ආසන්නයේ, සොයාගත් මේ නව බිළාල විශේෂ දෙක Dinofelis werdelini සහ Lokotunjailurus chimsamyae යනුවෙන් නම්කර තිබේ. . ඒ සමඟ ම මේ වනවිටත් හඳුනාගෙන සිටි වඳවී ගිය බළල් පවුලේ විශේෂ දෙකක (Adeilosmilus kabir සහ Yoshi obscura) අස්ථි කොටස් ද එම ප්‍රදේශයෙන් ම හමු වී ඇත.
මෙම විශේෂ හතර අයත් වන්නේ Machairodontinae උප පවුලට ය. වඳ වී ගිය බළලුන් විශේෂ 04 ම ඉතා දරුණු විලෝපිකයන් කණ්ඩායමක් වන අතර එයට දිගු තියුණු උල් දත් තිබී ඇත. Machairodontinae උපකුලයට එම නම තබා ඇත්තේ එහි තේරුම උල් දත් යන්න බැවිනි. එම පවුලේ සාමාජිකයන් වර්තමානයේ දැකිය හැකි බැටලුවන්ට සමාන ශරීරයකින් යුක්ත බව ද විද්‍යාඥයෝ කියති.
පර්යේෂකයන් විශේෂ හතරේම පොසිල සවිස්තරාත්මක ව විස්තර කර ඇත. Dinofelis werdelini සොයා ගැනීම කණ්ඩායමට පුදුමයක් නොවීය, මන්ද මෙම කුලයට අයත් විශේෂයන් මීට පෙර යුරෝපය, උතුරු ඇමරිකාව සහ චීනය ඇතුළු ප්‍රදේශවලින් හමු වී තිබිණි.
කෙසේ වෙතත්, Lokotunjailurus chimsamyae සොයාගැනීමෙන් පර්යේෂකයන් පුදුමයට පත් වූයේ , මේ වන තෙක්, මෙම කුලයට අයත් සාමාජිකයන් සොයාගෙන තිබුණේ කෙන්යාවේ සහ චැඩ් වලින් පමණක් වන බැවිනි.
නව සොයාගැනීම්වලින් පෙනී යන්නේ තියුණු උල් සහිත දිගු දත් ඇති බළලුන් බහුතරයක් කලින් සිතුවාට වඩා බොහෝ සෙයින් ව්‍යාප්ත වී ඇති බවයි.
අධ්‍යයනයේ දී, පර්යේෂකයන් කණ්ඩායම බිළාල කුලය සඳහා නව පවුල් ගසක් නිර්මාණය කිරීම සඳහා අලුතින් අනාවරණය කරගත් විශේෂ සහ මෙතෙක් දැන සිටි එවැනි උල් දත් සහිත බළලුන්ගේ අස්ථි සංසන්දනය කළහ. Langebaanweg හි විශේෂ හතර එකිනෙකා සමඟ සමීපව සම්බන්ධ නොවූ අතර එකම ප්‍රදේශයක එකම කාලයක ජීවත් වුව ද බොහෝ දුරට වෙනස් පාරිසරික ස්ථාන අත්පත් කරගෙන ඇත.
උදාහරණයක් ලෙස, Lokotunjailurus chinsamyae සහ Adeilosmilus kabir විශාල වූ අතර අධික වේගයෙන් දිවීමට හැකි පරිදි පරිනාමය වී සිටි විශේෂ වෙයි. ඔවුන් විවෘත තණබිම් පරිසරයට හොඳින් ගැලපේ. නමුත් Dinofelis werdelini සහ Yoshi obscura කුඩා හා වඩා කඩිසර වූ අතර, වනාන්තර වැනි ආවරණය සහිත පරිසරයන් සඳහා ඔවුන් වඩාත් අනුවර්තනය වී සිට ඇතැයි පර්යේෂකයෝ පැවසූහ.
මෙම විශේෂවල පැතිර තිබීම සහ ඔවුන්ගේ පරිනාමය පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ වාසභූමියට වනාන්තර සහ විවෘත තණබිම් යන දෙකම ඇතුළත් වූ බවයි. පර්යේෂකයන් සිතන්නේ මෙය අප්‍රිකාවේ දේශගුණයේ විපර්යාසයක් නිසා ඇති වූවක් විය හැකි අතර, මහාද්වීපය යෝධ වනාන්තරයක සිට අද ප්‍රමුඛ වාසස්ථාන වර්ගය වන විවෘත තණබිම් බවට සෙමෙන් වෙනස් වන්නට ඇති බවයි.
මෑතක් වන තුරු, පර්යේෂකයන් අප්‍රිකාව පුරා පරිසර පද්ධති වෙනස් වූයේ කවදා දැයි අවිනිශ්චිත මතයක සිටියේය. මෙය වඩා හොඳින් අවබෝධ කර ගැනීම තුළින්, අප්‍රිකාවේ ප්‍රථමයෙන් මතු වූ මානව මුතුන් මිත්තන් හෙවත් හොමිනින් දෙපයින් ගමන් කළේ කෙසේදැයි හෙළි කිරීමට උපකාරී වේ. පරිසරයේ වෙනස් වීම hominins කකුල් දෙකෙන් ඇවිදීමට තල්ලු කළ “වැදගත් ප්‍රේරකයක්” යැයි සැලකේ, යැයි පර්යේෂකයන් තම පර්යේෂණ වාර්තාවේ සටහන් කර ඇත.
කෙසේ වෙතත්, අප්‍රිකාව පුරා ඇති අනෙකුත් පැරණි පරිසර පද්ධති දෙස මෑත කාලීන අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ වසර මිලියන 21කට පෙර තෘණ බිම් ඇත්ත වශයෙන්ම පෙනෙන්නට පටන් ගෙන ඇති බවයි, එයින් ඇඟවෙන්නේ වෙනස්වන පරිසර පද්ධති hominin bipedalism ට කිසිසේත් බලපාන්නට නැති බවයි .