spot_img
spot_imgspot_img

මාස දෙකක් මුහුදේ අතරමංව සිට දිවි ගලවාගනී

පුවත්

විදෙස්

පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කරමින් සහ වැසි ජලය පානය කරමින් දිවි ගලවා ගැනීමට ඕස්ට්‍රේලියානු නාවිකයෙකු සමත් වී තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ ඔහු ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

සිඩ්නි අගනුවර පදිංචි 51 හැවිරිදි ටිම් ෂැඩොක් සහ ඔහුගේ බල්ලා බෙලා අප්‍රේල් මාසයේදී මෙක්සිකෝවෙන් ප්‍රංශ පොලිනීසියාව බලා පිටත්ව ගිය නමුත් ඔවුන්ගේ බෝට්ටුව සති කිහිපයකට පසු කුණාටුවකින් හානි විය.

හෙලිකොප්ටරයකින් ගිය පිරිසක් ඔවුන් දැකීමෙන් පසු මේ සතියේ ට්‍රෝලර් යාත්‍රාවක් මගින් ඔවුන් බේරා ගන්නා ලදී.

ෂැඩොක් මහතා මෙක්සිකෝවේ ලා පාස් නගරයේ සිට කිලෝමීටර් 6,000කට වඩා දිගු මුහුදු ගමන ආරම්භ කළේය. නමුත් අයහපත් කාලගුණයෙන් ඔහුගේ යාත්‍රාවේ ඉලෙක්ට්‍රොනික උපකරණ අක්‍රිය වීමෙන් පසු ඔහු මහ සාගරයේ අතරමං විය.

පසුව නාවිකයා සහ ඔහුගේ බල්ලා උතුරු පැසිෆික් සාගරයේ ගසාගෙන ගියේය.

අවසානයේ ඔවුන් මාස දෙකකට පසු මෙක්සිකෝවේ වෙරළට ඔබ්බෙන් සොයා ගන්නා විට, ඔහු බොහෝ සෙයින් කෙට්ටු වූ අතර වැඩුණු රැවුලකින් යුතු විය.

ඔහු පැවසුවේ “මම මුහුදේදී ඉතා දුෂ්කර පීඩාවකට මුහුණ දුන්නා. මං ගොඩක් වෙලා මුහුදේ තනියම හිටපු නිසා මට විවේකයක් සහ හොඳ කෑමක් අවශ්‍යයි. කෙසේවුවත් මම ඉතා හොඳ සෞඛ්‍ය තත්වයක ඉන්නවා.”

ෂැඩොක් මහතා පැවසුවේ ධීවර ආම්පන්න ඔහුට දිවි ගලවා ගැනීමට උපකාරී වූ බවයි.

ඔහු තම බෝට්ටුවේ වියන යට නවාතැන් ගැනීමෙන් හිරු රශ්මියෙන් වැළකී සිටීමට ද සමත් විය.

යාත්‍රාව දැන් මෙක්සිකෝව වෙත ආපසු යමින් සිටියි. එහිදී ෂැඩොක් මහතා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වන අතර අවශ්‍ය නම් තවත් ප්‍රතිකාර ලබා ගනු ඇත.

https://www.bbc.com/news/world-australia-66216191

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!