spot_img
spot_imgspot_img

සමත මණ්ඩලයට වසරකට ආරවුල් ලක්ෂ 03ක්

පුවත්

විදෙස්

වසරකට ආරවුල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සමත මණ්ඩලයට යොමුවන බව වාර්තාවී ඇත.

2023 වසරේ ජනවාරි සිට මැයි 31 දක්වා සමත මණ්ඩලයට යොමුවී ඇති ආරවුල් සංඛ්‍යාව 99843කි. එයින් වැඩි ප්‍රමාණයක් මුදල් සම්බන්ද ආවුල් වන අතර එය සංඛ්‍යාත්මකව 63444කි.

මෙම වසරේ සමත මණ්ඩලයට යොමුව තිබූ ආරවුල් වලින් 70%ක් නිරවුල් කර තිබේ. ආරවුල් වලින් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් යොමුව ඇති අතර එය 20460කි.

උතුරු මැද පළාතෙන් ආරවුල් 12899ක්, වයඹ පළාතෙන් ආරවුල් 12700 ක්, මධ්‍යම පළාතෙන් ආරවුල් 11700 ක්, දකුණු පළාතෙන් ආරවුල් 11271 ක්, සබරගමුව පළාතෙන් ආරවුල් 9357 ක්, ඌව පළාතෙන් ආරවුල් 8394ක්, නැගෙනහිර පළාතෙන් ආරවුල් 6997 ක් සහ උතුරු පළාතෙන් ආරවුල් 5985 ක් 2023 වසරේ මැයි 31 වන දින වන විට සමථ මණ්ඩලය සදහා යොමුව ඇත.

2022 වර්ෂය තුළ පමණක් සමථ මණ්ඩල මගින් ආරවුල් 65453 ක් සදහා විසදුම් ලබා දී තිබේ.

මෙරට අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමේ අරමුණින් අධිකරණ වෙත යොමු වන සුළු ආරවුල් විසදීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය හදුන්වා දී තිබේ. පාර්ශ්වකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අතර ඇති වන සුළු ආරවුල් විසදා ගැනීම සදහා තුන්වන පාර්ශ්වයක් ලෙස සමථකරුවන් කටයුතු කරනු ලබයි.

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් මෙරට සමථ මණ්ඩල ස්ථාපිත කර තිබේ. දිවයින පුරා ප්‍රජා සමථ මූල මණ්ඩල 329ක් සහ දිස්ත්‍රික්ක 16 ක් ආවරණය වන පරිදි ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල 16ක් ස්ථාපිත කර ඇති අතර, ප්‍රජා සමථ කරුවන් 8400 ක් සහ විශේෂ ඉඩම් සම්බන්ධ සමථකරුවන් 489 ක් ස්වේඡාවෙන් ඒවායෙහි සේවය කරනු ලබති.

තිස් තුන්වන ජාතික සමථ දින සැමරුම් උත්සවය ජුලි 18 දිනට යෙදී තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!