spot_img

දරුඵල ගැනීමට දේවාලයට ගිය තරුණියගේ දිවි අහිමිවෙයි

පුවත්

විදෙස්

දරුඵල  ලැබීමට යැයි කියමින් දේවාලයකින් ලබාදුන් විරේකයක් පානය කළ තරුණියක අද (10) මියගිය බව මින්නේරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජී.දිල්මි සඳුනිකා විජේරත්න නමැති 23 හැවිරිදි තරුණියකි. ඇය සීගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අතර මිට වසර 03කට පමණ පෙර විවාහ වූවාය. දරුඵල ප්‍රමාදවීම හේතුවෙන් ඇය දේවාලයකට ගොස් පූජාවක් සිදුකර දින තුනක් විරේකයක් පානය කර ඇත.

මෙම දේවාලය පවත්වාගෙන යන්නේ මියගිය තරුණියගේ, පියාගේ නැන්දණියක විසින් බව ද අනාවරණය වී ඇත.

පොලිසිය පවසන්නේ අද (10) දින රෝගාතුර වූ එම තරුණිය ජයන්තිපුර රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles