spot_img
spot_imgspot_img

භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන් සිව් දෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

නවගමුව, ඉහළ බෝමිරියේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරයේ අඩි නිරුවතින් සිටි පල්ලේගම සුමන නමැති බෞද්ධ භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු නිරුවත් කරමින්, පහරදුන් බව කියන පුද්ගලයන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේ දායකයන් බව කියන පිරිසකි. කාන්තාවන් දෙදෙනකු රාත්‍රී කාලයේ විහාරස්ථානයේ භික්ෂුව සමඟ රැඳී සිටින බව දැනගත් ඔවුන් බලහත්කාරයෙන් එහි ඇතුළුවන විට එම කාන්තාවන් සමඟ භික්ෂුව අනාචාරයේ හැසිරෙන බව කියමින් පල්ලේගම සුමන, 22 හැවිරිදි තරුණියක් සහ තවත් කාන්තාවක් දායක සභාවේ සාමාජිකයන් විසින් පොලිසියට  භාර දී තිබිණි.

එම සිද්ධිය සිද්ධියට අදාල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යට මුදාහැර තිබූ අතර පල්ලේගම සුමන හිමියන් පොලිසියට පවසා ඇත්තේ තම ඥාති කාන්තාවන් දෙදෙනකු සමඟ විහාරස්ථානයේ රැඳී සිටිය දී බලහත්කාරයෙන් එහි ඇතුළු වූ පිරිසක් තමන් සහ එම කාන්තාවන් දෙදෙනා නිරුවත් කරමින් පහරදුන් බවයි. එමෙන්ම විහාරස්ථානයේ දේපළවලට ද අලාභහානී සිදුකර ඇතැයි ද පල්ලේගම සුමන පොලිසියට පවසා ඇත.

එම වීඩියෝව මගින් කාන්තාවන් නිරුවත් කිරීම, බෞද්ධ භික්ෂුව නිරුවත් කිරීම සහ පහරදීම යන කරුණු සනාථ වන බැවින් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලීසිය කියා සිටියේ පහරදී තුවාල සිදු කිරීම හා විහාරස්ථානයේ දේපලවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි.

තුවාල ලැබූ පල්ලේගම සුමන සහ එක් කාන්තාවක් ප්‍රතිකාර සඳහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. පහර කෑමට ලක්වූ වයස අවුරුදු 22ක අනෙක් කාන්තාව ද පොලිස් ස්ථානයේ ආරක්ෂාව සඳහා සිටින බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!