spot_img
spot_imgspot_img

ආණ්ඩුව, ජනතාවගේ විශ්වාසය වැඩිකරගෙන ඇතැයි සමීක්ෂණයකින් තහවරු වෙයි

පුවත්

විදෙස්

ආණ්ඩුව මේ වනවිට ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් පවතින බව වෙරිටේ රිසර්ච් සිදුකර ඇති “රට හිතන හැටි” නමැති දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයෙන් තහවරු වී තිබේ.

ඒ 2023 ජුනි මාසයට අදාල ජනමත විමසුමෙනි.

පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් සහ 2023 වර්ෂයේ පෙබරවාරි මාසවල දී සිදුකරන ලද එවැනිම ජනමත විමසුමෙන් පෙනී ගියේ ආණ්ඩුව වැඩකරන ආකාරය පිළිබඳ ජනතාවගේ අනුමැතිය ඇත්තේ 10%ක් පමණක් බවයි. නමුත් මෙවර එය 21%ක් දක්වා වර්ධනය වී තිබේ.

රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ද, ජනතාව වඩාත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යයි. 2023 ජූනි මාසයේ මෙම අගය 12%ක් වන අතර 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙලින් 4%ක සහ 7%ක මට්ටම්වල පැවතිණි.

මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක්කර තිබෙණ අතර, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 43.8ක් (-43.8) ලෙසය. එනම්, ගෙවුණු පෙබරවාරි සහ පසුගිය ඔක්තෝබර් මාස දෙකටම වඩා දියුණුවකි. නමුත් තවමත් එය පවතින්නේ සෘණ අගයකය.

රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර ඇත. එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ. ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ.

රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට  2023 ජූනි මාසයට ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.8% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 26.6%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම, 28.8%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙින් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 43.8ක (-43.8) අගයකි (-44ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී මෙන්ම 2023 පෙබරවාරි මාසයේදී ද, පැවතුණේ සෘණ 78ක (-78) මට්ටමකය.

‘රට හිතන හැටි’ ජනමත විමසුම

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ විශේෂත්වයයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!