spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසය වෙනස් කරයි

පුවත්

විදෙස්

සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත් තුන්වැනි එක්දින තරඟය ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සමත්විය.වැස්සෙන් තරඟයට බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 08ක ජයග්‍රහණයක් හිමිවිය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 31ක දී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 127ක් රැස්කරගෙන සිටිය දී වර්ෂාව හේතුවෙන් තරඟය නතර කෙරිණි. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් සුසී බේට්ස් නොදැවී ලකුණු 63ක් රැස්කළ අතර

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Suzie Bates නොදැවී ලකුණු 63ක් රැස්කළේය.

නැවත තරඟය ආරම්භ කළ හැකි අවස්ථාව වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 29ක දී ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

ඉතාමත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 80ක දී නොදැවී ලකුණු 140ක් රැස් කරමින් කණ්ඩයාමේ ජයග්‍රහණය තහවරු කළේ තවත් පන්දු 13ක් තිරිව තිබිය දී ම කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 196 ලබා ගනිමිනි. චමරිගේ ඉනිමට හයේ පහර 09ක් සහ හතරේ පහර 13ක් අන්තර්ගත විය. මෙම ශතකය චමරි අතපත්තු තරඟාවලියේ දී රැස්කළ දෙවැනි ශතකයයි.

ශ්‍රී ලංකා කන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමක් තරඟාවලියකින් පරාජයට පත්කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!