spot_img
spot_imgspot_img

තෙල් නැවක් ම ගිල්ල, නිලධාරීන්ගේ කෙරුවාව හෙළිවෙයි

පුවත්

විදෙස්

ඉන්ධන අර්බුදය පැවැති කාලයේ දී තෙල් නැවකට සමාන තෙල් තොගයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් හොරකම් කර ඇතැයි විගණනයකින් හෙළිදරව් වී තිබේ.

මෙම විගණනයෙන් අනාවරණය වී ඇත්තේ ලීටර 6,600ක් සහිත බවුසර 619ක ප්‍රමාණයක් පරිගණක පද්ධතිය අවභාවිතා කර හොර පාරේ අළෙවි කර ඇති බවයි. මෙලෙස කළු කඩයට අලෙවි කර ඇති ඉන්ධන ලීටර ප්‍රමාණය 4,085,400ක් බවත් එම ප්‍රමාණය තෙල් නැවක ධාරිතාවට සමාන බවත් අනාවරණය වෙයි.

2022 අප්‍රේල් මස 01 වැනි දා සිට එම වර්ෂයේ අගෝස්තු 31 වැනි දා දක්වා කාලයේ දී ඔටෝ ඩීසල් බවුසර 280ක්, සුපර් ඩීසල් බවුසර් 34ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් බවුසර් 43ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් බවුසර් 227ක්, භූමිතෙල් බවුසර් 35ක් වශයෙන් බවුසර් 619ක ඉන්ධන කළුකඩයට විකුණා ඇති බව අනාවරණය වෙයි.

මෙම විමර්ශනය සිදුකර ඇත්තේ ඉන්ධන බෙදාහැරීමේ දී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය වර්ෂයේ අගෝස්තු 08 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුවය.

මෙම වංචාව සිදු වී ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා පර්යන්තවලින් ඉන්ධන බෙදාහැරීමේ දී බව ද අනාවරණය වී ඇත.

විගණන වාර්තාවේ දැක්වෙන්නේ කොලොන්නාව තොග නිමාව මගින් ඉන්ධන බෙදා හැරීමේ දී ඇණවුම් අවලංගු කරමිින්, නැවත ඇණවුම් කරමින්, පරිගණක පද්ධති මාර්ගෝපදේශ විධානයන්ට පටහැනිව කටයුතු කර ඇති බවත්, ගැනුම් කරුවන් ගිනුමෙහි මුද්ල නැතවිව හෝ අඩුව පවතින අවස්ථාවල දී එවා තුලනය කරමින් මුදල් අවභාවිතා කරමින් මෙම වංචාව සිදුකර ඇතැයි ද අනාවරණය වී තිබේ.

විගණන වාර්තාවේ දැක්වෙන්නේ පරිගණක පද්ධතියේ මාර්ගෝපදේශවලට පටහැනිව එම පද්ධතිය හැසිරවීමට අධිකිාරී බලය ලබා දුන් නිලධාරියා මෙම වංචාවට සෘජුවම වගකිව යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!