spot_img
spot_imgspot_img

බිපාජේ සුළි කුණාටුව; පකිස්ථානයේ සහ ඉන්දියාවේ දහස් ගණනක් ඉවත්කරයි

පුවත්

විදෙස්

අරාබි මුහුදට ඉහලින් ගමන් කරන බිපාජේ සුළි කුණාටුව බ්‍රහස්පතින්දා සවස් වනවිට බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් වෙත ගොඩබසිනු ඇතැයි පුරෝකථනය කර ඇති හෙයින් ඉන්දියාවේ සහ පකිස්ථානයේ දස දහස් ගනනක් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයේ දී කුණාටුව සින්ද් පළාතේ වෙරළබඩ කළාපයට පහර දෙනු ඇතැයි අනුමාන කරන අතර කරච්චි නගරයේ සමහර ප්‍රදේශවලට ද බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ. පකිස්ථානයේ, ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය බදාදා උදෑසන වන විට සින්ද් වෙරළ තීරයේ සිට 65,000 ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගොස් ඇත.

මේ වනවිටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුජරාට් රජය පැවසුවේ එහි වෙරළබඩ දිස්ත්‍රික්කවලින් පුද්ගලයන් 38,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි. ජල ගැලීම් පිළිබඳව කාලගුණ අංශ ජනතාවට අනතුරු අඟවා තිබේ.

කලාපයේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති අතර රටේ විශාලතම වරායන් දෙකක් වන කන්ඩ්ලා සහ මුන්ද්‍රා වරායන් මෙහෙයුම් නවතා දමා ඇති බව බලධාරීහු පවසති.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසුවේ, අඟහරුවාදා ගුජරාට් වෙරළට ඔබ්බෙන් වූ තෙල් වළකින් කම්කරුවන් 50 දෙනෙකු ඉවත් කළ බවයි.

වෙරළ තීරයට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර ධීවරයින්ගෙන් මුහුදට නොයන ලෙස ඉල්ලා ඇත.

https://www.bbc.com/news/world-asia-india-65899298

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!