-0.1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 15,510ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,161ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 196ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,014 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 139
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 89
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 88

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 25
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • යුනියන් බැංකුව කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • ඒෂියා කැපිටල් සමාගම 17%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • යුනියන් බැංකුව කොටස් මිලියන 6.5ක් රුපියල් 9.50 බැගින්
  • ලංකා දුම්කොළ සමාගම කොටස් මිලියන 55,500ක් රුපියල් 800.00 බැගින්
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 2.8ක් රුපියල් 30.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 256
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 194
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 181

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 23ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 272ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 249ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • බයිරහා ෆාම්ස් සමාගම රුපියල් මිලියන 0.9

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 85
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 56
  • ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 44

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img