-4.8 C
New York

තවත් ටියුෂන් පන්තියක සවාරියකින්, සිසුවකුට දිවි අහිමිවෙයි. දින තුනක දී මරණ දෙකක්

Published:

උපකාරක පන්තියකින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් අතරතුර ලග්ගල, කොරපිටිය වැවේ දියනාමින් සිටි පාසල් සිසුවකු ඊයේ (11) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකි.

හලාවත ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් විසින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවකට ඔහු සහභාගී වී ඇති අතර මොරගහකන්ද ජලාශය නරඹා ඉන් පසු කොරපිටිය වැවේ දිය නාමින් සිටිය දී අනතුරට පත්ව ඇතැයි අනාවරණය වී තිබේ.

සිසුන් 10 දෙනකු පමණ දිය නාමින් සිටිය දී මෙම සිසුවා දියේ ගිලී මියගොස් ඇත. මියගිය සිසුවාගේ සිරුර දඹුල්ල රෝහලේ දී හදිසි මරණ පරීක්ෂණයකට ලක්කිරීඹට නියමිතව තිබූ අතර ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු උපකාරක පන්ති විසින් සංවිධානය කළ විනෝද චාරිකාවල දී දින තුනක් ඇතුළත සිදුවූ දෙවැනි මරණය මෙයයි.

Related articles

Recent articles

spot_img