1.4 C
New York

උසස් පෙළ ඇගයීම්, තවත් විෂයයන් 11ක ආරම්භ කරයි

Published:

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවත් විෂයයන් 11ක ආරම්භකළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (20) සිට මධ්‍යස්ථාන 32ක දී ඇගයීම් ආරම්භ කර ඇත.

දැනටමත් විෂයයන් 05 පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 100ට ආසන්න සංඛ්‍යාවකදී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

සියලු විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීම අවසන් කර ඇති අතර එහි ඇගයීම් කටයතු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img