1.6 C
New York

මහින්දට රට යන්න තිබූ බාධා ඉවතට

Published:

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතාවලට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් අලාභහානි සිදුකළා යැයි කියන සිද්ධිය හේතුවෙන් විදේශ ගමන් තහනමකට ලක්ව සිටි එවකට හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන් ම ඉවත්කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (17) නියෝග කළේය.

හිටපු අගමැතිවරයා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර නොමැති බැවින් විදේශ ගමන් තහනම ඉවත්කරන්න යැයි නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබාදුන්නේය.

එවකට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරියක වන පවිත්‍රා වන්නිආරච්චි, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පිරිසගේ ද විදේශ ගමන් තහනම ඉවත් කෙරිණි.

Related articles

Recent articles

spot_img