3.9 C
New York

නිල්වලා ගඟ මහ ගංවතුරක පෙර නිමිති පෙන්වයි

Published:

නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයේන මහා ගංවතුර මට්ටම ද ඉක්මවා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා ග‍ඟේ පිටබැද්දර ප්‍රදේශයේ සවිකර ඇති ජල මාපකයේ අද සවස 3.00 වනවිට ජල මට්ටම සටහන් වී තිබුණේ මීටර 7.22ක් ලෙසිනි. එහි මහ ගංවතුර මට්ටම ඇත්තේ මීටර 6.5ක් ලෙසිනි. ඒ අනුව මහ ගංවතුර මට්ටම ඉක්මවා ග‍ඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

පානදුගම ජල මාපකයේ ජල මාපකයේ මේ වනවිට ජල මට්ටම මීටර 6.82ක් ලෙස සටහන්ව ඇති අතර එය සුළු ගංවතුර මට්ටම වන මීටර 7.5 ඉක්මවා යාමකි.

ඌරුබොක්ක ගඟ ඌරව ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌරව ප්‍රදේශයේ ජල මාපකයට අනුව මේ වනවිට එහි ජල මට්ටම මීටර 4.84කි. සුළු ගංවතුර මට්ටම ඇත්තේ මීටර 4.00ක් වශයෙනි.

මේ වනවිට මොරවක නගරය, අකුරැස්ස වැනි ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර පිටබැද්දර සියඹලාගොඩ පාරේ පාලම දක්වා ම නිල්වලා ග‍ඟේ ජලය ඉහළ ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.  

ඡායාරූප – Online Deniyaya facebook පිටුවෙනි, වරල්ල බෲක් ලීන් පාලම අසල නිල් වලා ගගේ තත්වය

Related articles

Recent articles

spot_img