spot_img
spot_imgspot_img

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරෙයි

පුවත්

විදෙස්

සෑම රෝහලක් ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාමේ අවදානමක් ඇතැයි බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

2017 වර්ෂයේ දී ද එවැනිම තත්වයක් දක්නට ලැබුණු බවත් එවර ඩෙංගු රෝගීන් 186,000 ඉක්මවූ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2023 වර්ෂයේ දී ද එවැනිම තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විජේවික්‍රම පෙන්වා දෙයි. 2023 වර්ෂයේ ගත වූ මාස 04 දී පමණක් ඩෙංගු රෝගීන් 31,098ක් වාර්තා වී ඇති අතර මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් එය තවත් වේගයෙන් වර්ධනය වී වසංගත තත්වයක් දක්වා වැඩිවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

එසේ රෝගීන් වැඩි වුවහොත් කළමනාකරණය කරගැනීමට ප්‍රායෝගිකව අපහසු වන බව ද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ විශාල වර්ධනයක් පවතින බව ද මේ වනවිට හඳුනාගෙන තිබේ. 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,953ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6,500ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,262ක් ලෙස වාර්තා වී ඇත.

ඩෙංගු මදුරුවා හිරු එළිය පවතින උදෑසන සහ රාත්‍රී කාලයේ සංචරණය කරන මදුරුවකු බැවින් මදුරරු දෂ්ඨනයෙන් වැළකී සිටීමට හැකි උපක්‍රම භාවිතා කිරීම සහ මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම අත්‍යාවශ්‍ය බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!