spot_img

සිසුවා පැදවූ ජීප් රථය බිහිසුණු අනතුරක. මන්ත්‍රී පුතෙක් දැයි සැකයක් (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

 කොළඹ, බම්බලපිටියේ සමුද්‍ර මාවතේ දී 18 හැවිරිදි සිසුවකු විසින් පදවන ලද අති නවීන ජීප් රථයක් තවත් වාහන දෙකක් අනතුරට පත්කරමින් උඩින් විසි වී ගොස් විදුලි කණුවකට ද හානිකර නතර වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම රථය පදවාගෙන ආ තරුණයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතකු බව පැවසුණ ද පොලිසිය එය තහවරු කරන්නේ නැත.

ජීප් රථය පැදවූ සිසුවා කම්පන තත්වයක් බව පවසමින් පුද්ගලික රෝහලට ඇතුළත් වී සිටින හානි සිදුවූ අනෙක් රථ නවතා තිබූ වාහන බැවින් ඒවායේ කිසිවෙකු සිට නැත.

අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථයේ හතර දෙනකු ගමන්ගත බව ද පැවසේ.

පොලිසිය පවසන්නේ වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා අනතුර සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles