spot_img
spot_imgspot_img

“ඩයනා ගමකේ අත්අඩංගුවට ගන්න නියෝග අවශ්‍ය නෑ” අධිකරණයේ කියයි

පුවත්

විදෙස්

ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය නි‍යෝගයක් අවශ්‍ය නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (24) න‍ියෝග කළේය.

එම වැරදි සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට නීතිමය බලයක් ඇති බව ද අධිකරණය කියා සිටියේය.

ඕෂල හේරත් ඇතුළු අගතියට පත් පාර්ශවය වෙනුවේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ආගමන හා විගමන පනත යටතේ වරදක් කර ඇතැයි ප්‍රමාණවත් සාක්ෂි තිබිය දී ඇය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවයි.

මේ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ අධිකරණයට පැවරී තිබෙන බලතලවලට අනුව ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.  එහි තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විමර්ශන නිලධාරීන්ට බලයක් තිබෙන බවය.

එබැවින් තම අධිකරණය විසින් මීට අදාළව නියෝගයක් නිකුත් කිරීම අනවශ්‍ය බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය. ඉන් අනතුරුව නඩුව දිනයක් නොමැතිව බහා තැබීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!