ඩෙංගු හා කොරෝනා දෙකම හැදුණු රෝගියෙක් මීගමුවෙන්

0
161

ඩෙංගු සහ කොරෝනා යන වයිරස දෙකම එකවිට වැළඳුණු රෝගියකු මීගමුව රෝහලෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු 29 හැවිරිදි පුද්ගලයෙකි. අධික උණ තත්ත්වයෙන් රෝහල්ගත කරන ලද මෙම පුද්ගලයාට ඩෙංගු ඇත්දැයි හඳුනාගැනීමට ප්‍රතිදේහ පරීක්ෂණය මෙන්ම කොරෝනා ඇත්දැයි හඳුනාගැනීමට පීසීආර් පරීක්ෂණය කර තිබේ.  මෙම පරීක්ෂණ අනුව තහවුරු වී ඇත්තේ ඔහුට ඩෙංගු හා කොරෝනා රෝග දෙකම වැළඳී ඇති බවයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ රෝගියා කොළඹ අයිඩීඑච් රෝහලට මාරුකර යැවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here