ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණ 04ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි.
මේ අතරින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත්තේ සිය නිවසේ දී ය.
මාලිගාවත්තේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් කොරොනා ආසාදනයෙන් සිය නිවසේ දී මියගිය බව තහවුරු වී තිබේ. ඇය හෘද රෝගයකින් දීර්ඝකාලයක් පීඩාවිඳ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි
මාලිගාවත්තේ ම පදිංචි වයස අවුරුදු 69ක් වූ තවත් කාන්තාවක් ද කොරෝනා හේතුවෙන් මියගොස් ඇති අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර ඇත. ඔවුන් පවසන්නේ ඇය දීර්ඝාකාලයක් රෝග රැසකින් පෙලී ඇති අතර කොවිඩ් – 19 ආසාදනය වීමත් සමඟ නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බවයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයකු මියගොස් ඇති අතර දීර්ඝකාලීන රෝගාබාධ රැසක් තිබූ ඔහු ද කෙටි දින කිහිපයක් උණ රෝගයකින් පෙලී නිවසේ දී මියගොස් සිටි බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ මරණයට හේතුව ද කොරෝනා ආසාදනයෙන් ඇතිවූ නිව්මෝනිය තත්ත්වය උත්සන්න වීමක් බව මරණ පරීක්ෂණයේ සඳහන ්කර තිබේ.
මියගිය අනෙක් තැනැත්තා ගණේමුල්ලේ පදිංචි 88 වැනි වියේ පසුවූ කාන්තාවකි. මිනුවන්ගොඩ ආසාදිතයකුගේ ආශ්‍රිතයකු බවට පත්ව සිටි ඇය ලග්ගල පල්ලේගම රෝහලට ඇතුළත් කර සිටිය දී රෝග තත්ත්වය උත්සන්නවීමත් සමග අයිඩීඑච් රෝහලට මාරුකර එවීමෙන් පසු එහි දී මියගොස් ඇත. මරණ පරීක්ෂණයේ සඳහන් කර ඇත්තේ ඇය කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ලේ විෂවී මියගොස් ඇති බවයි.
මේ අනුව කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.