spot_img
spot_imgspot_img

පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු නවතා දමයි

පුවත්

විදෙස්

පළාත් පාලන මැතිවරණයට අදාල මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන් ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබේ. රජයේ මුද්‍රණාලය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු සදහා ප්‍රමාණවත් මුදල් මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් නොලැබු‍ණු බැවින් එම තීරණය ගත් වයි.

මේ වනවිට රුපියල් කෝටි 05කට වැඩි මුදලක් වැය කරමින් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පතිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණය කර ඇත. මුද්‍රණාල සේවකයන් 200කට වැඩි පිරිසකට දීමනා පවා ලබාදිය යුතු වුව ද එම කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලැබී නොමැති බව පැවසේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා සිදුකර ඇති මුද්‍රණ කටයුතුවලට අදාළව ගෙවීම් සිදුකරන ලෙස අවස්ථා කිහිපයකදී මුද්‍රණාලායාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහා භාණ්ඩාගාරය වෙත ලිඛිතව දැනුම් දී තිබුණි. ඇය පවසන්නේ ඒ ගැන නැවත සිහි කැඳවීමක් සිදුකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!