spot_img

කාන්තාවක් පාරේදී ඝාතනය කරලා

පුවත්

විදෙස්

ඉපලෝගම, හිරිපිටියාගම ප්‍රදේශයේ දී අද (08) උදෑසන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මයිලගස්වැව ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.සමන්තිකා අධිකාරී නමැති 45 හැවිරිදි දෙදරු මවකි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක සේවය කළ ඇය අලුයම 5.00ට පමණ සිය නිවසින් පිටත්ව ගොස් ඇති අතර නිවසත් රැකියා ස්ථානයත් අතරතුර දී ඝාතනය සිදුව ඇත. ඇගේ වැඩිමහල් දියණිය ද එම කර්මාන්තශාලාවේ ම සේවය කරන බැවින් එම මාර්ගයේ ම පැමිණි දියණිය විසින් මව මාර්ගයේ වැටී සිටිනු දැක ඇත. දියණිය අසල්වාසීන්ගේ ද සහාය ඇතිව මව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතැයි ද පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ මෙම කාන්තාව සහ සැමියා අතර කලක සිට ඇතිවූ ගැටුම් පිළිබඳ පොලිසියේ පැමිණිලි රැසක් ඇති බවයි. පසුගිය දිනක දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම කාන්තාව සීය නිවසේ සිට බාල දරුවා ද රැගෙන තමන්ගේ සොහොයුරාගේ නිවසට ගොස් සිටි බව ද පැවසේ.

ඝාතනයට සැකපිට ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles