1.4 C
New York

ලොව ගැඹුරුම ස්ථානයෙන් හමුවූ මාළුවා

Published:

සාගර පත්ලේ අසාමාන්‍ය ගැඹුරක පිහිනමින් සිටි මත්සයෙකු රූගත කිරිමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති.

ජපානයේ දකුණු දිග ඉසූ-ඹගසාවරා අගාධයේ මීටර් 8,336ක් ගැඹුරේදී මෙම මත්සයා හමුවී ඇත. මීට පෙර ගැඹුරුම මත්ස්‍ය නිරීක්‍ෂණය සිදුකර ඇත්තේ මීටර් 8,178 ක් ගැඹුරින්, පැසිෆික් සාගරයේ මරියානා ආගාධයේ ය. එබැවින් මෙම සොයාගැනීම මීටර් 158 කින් එම වාර්තාව අභිබවා යයි.

Pseudoliparis කුලයට අයත් මෙම සතා ගොලුබෙලිමාළුවා (snailfish) ලෙස හඳුන්වයි.

මොහු රූගත කර ඇත්තේ නැවක පැත්තකින් මුදා හරින ලද බර රාමුවකට සම්බන්ධ කැමරා පද්ධතියක් මගිනි. මුහුදු ජීවීන් ආකර්ෂණය කර ගැනීම සඳහා රාමුවට ඇමක් එකතු කර තිබිණ.

මෙම මත්ස්‍ය විශේෂය සම්පූර්ණයෙන්ම හඳුනා ගැනීම සඳහා මාළුවකු අල්ලා ගැනීමට නොහැකි වී ඇති නමුත් ඊට තරමක් ඉහලින් මීටර් 8,022ක් ගැඹුරැ ප්‍රදේශයක සිටි සමාන මසුන් කිහිපදෙනකු අල්ලා ගැනීමට විද්‍යාඥයින් සමත් වී ඇත. මොවුන් Pseudoliparis belyaevi වර්ගයේ ගොළුබෙලි මාළුවන් වන අතර මෙතෙක් අල්ලා ගන්නා ලද ගැමුරුම ස්ථානයේ සිටි මාළුවන් ලෙස වාර්තා වී ඇත.

Snailfish විශේෂ 300 කට වඩා ලෝකයේ දක්නට ලැබෙන නමුත් ඔවුන්ගෙන් බොහොමයක් නොගැඹුරු ජලයේ ජීවත් වන අතර විශේෂයෙන් ගංගා මෝයවල දක්නට ලැබේ.

නමුත් මෙම ගොළුබෙලි මසුන් කණ්ඩායම ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපයේ සීතල ජලයේ ජීවිතයට අනුවර්තනය වී ඇති අතර ලෝකයේ ගැඹුරුම අගල්වල පවතින අධික පීඩන තත්වයන් යටතේද ජීවත් වීම පුදුම සහගත බව විද්‍යාඥයෝ පවසති.

ඔවුන්ගේ ජෙලටිනමය ශරීරය ඔවුන්ට ජීවත් වීමට උපකාර කරනු ඇති බවත් අගාධයේ ගැඹුරේ පැවති තරමක උණුසුම් ස්වභාවය මාළුවාට හිතකර වන්නට ඇති බවටත් විද්‍යාඥයෝ පවසති.

මහාචාර්ය Jamieson Minderoo ගැඹුරු මුහුදේ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාය. රයුකු ආගාධය ද ගවේෂණය කළ මෙම ගවේෂණයේදී ඔහුට ටෝකියෝ සාගර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සහාය විය.

https://www.bbc.com/news/science-environment-65148876

Related articles

Recent articles

spot_img