spot_img
spot_imgspot_img

ඩයනාගේ ඉල්ලීමට එරෙහිවන්න සජිත්ට සහ රංජිත්ට කල් දෙයි

පුවත්

විදෙස්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට අවස්ථාව ලබාදීමට කොළඹ දිසා අධිකරණය අද (31) තීරණය කළේය.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර දෙදෙනා කටයුතු කිරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්න යැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සම අද (31) කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඉල්ලා සිටියේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව මැයි 22 වැනි දා විරෝධතා ඉදිරිපත් කිරිමට වගඋත්තරකරුවන්ට අවස්ථාව ලබාදෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!