රාජ්‍ය සේවකයන්ගේ මාර්තු සහ අප්‍රේල් මාසවල වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ගැනීමට සිදුව ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
“අපිට එදිනෙදා වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම බරපතල ගැටලුවක්. මාර්තු මාසයේ රජයේ සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා සහ වෙනත් වියදම් සඳහා රුපියල් බිලියන 196ක් අවශ්‍යයි. නමුත් ආදායම ලැබෙන්න් බිලියන 173යි. එ නිසා රුපියල් බිලියන 23ක අඩුවක් තියෙනවා. අප්‍රේල් මාසයේ මුල් සති දෙක ගතවීමට පෙර තවත් වැටුපක් ගෙවන්න තියෙනවා. අවුරුදු නිසා. ඒ නිසා මාර්තු වැටුප සහ අප්‍රේල් මාසයේ වැටුපයි ගෙවන්න වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු පළමුවැනි වාරික මුදලින් කොටසක් පාවිච්චි කරලා”