spot_img

TikTok සමාගමට, අනතුරු ඇඟවීමක් ?

පුවත්

විදෙස්

TikTok හිමිකාරීත්වය දරන චීන සමාගමට ඇමෙරිකානු රජය විසින් අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ “ByteDance” සමාගම TikTok පවත්වාගෙන යයි.

ඇමෙරිකාව පවසා ඇත්තේ TikTok හි හිමිකාරීත්වය අදාළ සමාගම ‍චීන නොවන වෙනත් සමාගමකට විකුණා දැමිය යුතු බවයි. එසේ නොකරන්නේ නම් ඇමෙරිකාව තුළ TikTok තහනම් කරන බව ද පවසා ඇත.

ඇමෙරිකාව විසින් සිදුකර ඇති මෙම දැනුම් දීම සත්‍යයක් බව TikTok සමාගම ද තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාාර්තා කර ඇත.

ටික්ටොක් මෙවලම භාවිත කරන අමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් මෙම දැනුම් දීම කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles