spot_img
spot_imgspot_img

ඇමතිවරුන්ට හූ සංග්‍රහයක්

පුවත්

විදෙස්

කුරුණෑගල, බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානයේ පාඨමාලා ආරම්භ කර වසර දෙකකටත් පසු, එය විවෘතකරන බව පවසමින් රජයේ වියදමින් පැවැත්වූ උත්සවයකට පැමිණි අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ඩී.බී.හේරත් රාජ්‍ය අමාත්‍යවරයාට ගැමියන්ගේ හූ සංග්‍රහයක් ලැබිණි.

අදින් වසර 05කට පමණ පෙර බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු සංස්කෘතික මධ්‍යස්ථාන 06ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලදී. බමුණකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය 2004 වර්ෂයේ සිට මූණමලේ විද්‍යාලයේ පවත්වාගෙන ගිය අතර වසර 05කට පෙර එය ගැමියන්ගේ විරෝධය පවා නොතකා කිහිප දෙනකුගේ වුවමනාවට බමුණාකොටුව ආදාහනාගාරය ආසන්නයේ නව ගොඩනැගිල්ලක් ඉදිකර එහි ගෙනවිත් තිබිණි.

2020 වර්ෂයේ සිට එහි පාඨමාලා ද පැවැත්වා ඇත.

නමුත් සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමනේ අද (11) එම මධ්‍යස්ථානය විවෘත කිරීමට යැයි කියමින් අමාත්‍ය විදුර වික්‍රමනායක සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් පැමිණි අවස්ථාවේ දී ගම්වාසීන් පිරිසක් එක්ව හූ තැබූ අතර ඇමතිවරු පිටව යන අවස්ථාවේ දී ද එලෙසම හූ සංග්‍රහහයක් සිදුකර තිබිණි.

ඇමතිවරු පිටවයන විට පොලිසියේ කැරළි මර්ධන ඒකකය ද එම ස්ථානයට කැඳවා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

ගම්වාසීන් පවසන්නේ අමාත්‍යවරු මුදල් නාස්තිකරමින් බොරුවට උත්සව පවත්වන බවයි. නමුත් එම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගය පවා සංවර්ධනය කිරීමට රජයට නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!