spot_img
spot_imgspot_img

තෙල් මිල අඩුකළ හැකි වුවත්, ආණ්ඩුව අධික ලාභ ලබන හැටි මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් පෙට්‍රල් සහ ඩීසල් විකිණීමට හැකි මුදලට වඩා අධික මුදලකට මේ වනවිට රජය ඉන්ධන විකිණීම සිදුකරන බව අනාවරණ්‍ය වෙයි.

ලෝ‍ක වෙළෙඳ පොළෙහි වර්තමානයේ පවතින පෙට්‍රල් මිල අනුව ශ්‍රී ලංකාවේ සම්පූර්ණ බදු ඇතුළත් මිල සූත්‍රය භාවිතා කළේ නම් පෙට්‍රල් ලීටරයක් 322.35කට අළෙවි කිරීමට හැකියාව පවතී. එම මුදලට රුපියල් 73.85ක බදු මුදලක් ද ඇතුළත් වේ. නමුත් රජය පෙට්‍රල් ලීටරයක් අළෙවි කරන්නේ රුපියල් 400.00ක මුදලකටය.

ඒ අනුව රජය සෑම පෙට්‍රල් ලීටරයකින් ම ජනතාවගෙන් රුපියල් 77.65ක් අමතර ලාභයක් ලබයි.

මේ වනවිට ඩීසල් ලීටරයක් අළෙවි කරනු ලබන්නේ රුපියල් 405.00ක මුදලකටය. නමුත් ඩීසල් සඳහා මිල සූත්‍ය භාවිතා කළේ නම් බදු සහිතව ඩීසල් ලීටරයක් රුපියල් 299.22ක මුදලකට අළෙවි කිරීමේ හැකියාව රජයට තිබේ. ඩීසල් ලීටරයක් රුපියල් 299.22ට අළෙවි කරන්නේ නම් රජයට සෑම ඩීසල් ලීටරයකින් ම රුපියල් 48.33ක බදු මුදලක් ද හිමිවේ. නමුත් රජය සෑම ඩීසල් ලීටරයකින් ම බදු මුදලට පරිබාහිරව රුපියල් 105.78ක අමතර ලාභයක් ලබයි.

පෙට්‍රල් සඳහා රජය ජනතාවගෙන් අමතර රුපියල් 77.65ක් සහ ඩීසල් සඳහා රුපියල් 105.78ක් වශයෙන් සෑම ලීටරයකින් ම අමතර ආදායමක් ලබන්නේ 2023 පෙබරවාරි 28 වැනි දිනට වෙළෙඳ පොළ තිබූ මිල ගණන් සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මතයි. ඩොලරයේ අගය ද මේ වනවිට පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන සඳහා ජනතාවගෙන් අමතර මුදලක් මෙලෙස අයකිරී‍ම හේතුවෙන් සියලු ප්‍රවාහන වියදම් සහ නිෂ්පාදන වියදම් වැඩිවී තිබීම නිසා එහි අමතර පාඩුවක් ද ජනතාව අත්විඳිති.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඩීසල් ලීටරයක මිල රුපියල් 405.00ක් ලෙස පැවති 2023 පෙබරවාරි 28 වැනි දා නේපාලයේ ඩීසල් ලීටරයක් ශ්‍රී ලංකා රුපියල් 477.50කි. ඉන්දියාවේ මුම්බායි හි ඩීසල් ලීටරයක් අළෙවි කරන ලද්දේ ශ්‍රී ලංකා රුපියල්වලින් 412.40කට ය. පකිස්තානයේ 399.50ක් වූ අතර මැලේසියාවේ 173.70කි. ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 400.00ක් ලෙස පැවති 2023 පෙබරවාරි 28 වැනි දා නේපාලයේ පෙට්‍රල් ලීටරයක් ශ්‍රී ලංකා රුපියල් 485.70කි.ඉන්දියාවේ මුම්බායි හි පෙට්‍රල් ලීටරයක් අළෙවි කරන ලද්දේ ශ්‍රී ලංකා රුපියල්වලින් 465.00 ය. පිලිපීනයේ මැනිලා නුවර පෙට්‍රල් ලීටරයක් 447.10කි. මැලේසියාවේ 165.70කි.

(පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් ඉන්ධන මිල ගැන වැඩි විස්තර ලබාගත හැකියි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!