spot_img
spot_imgspot_img

භික්ෂු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වදිති

පුවත්

විදෙස්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන් සඳහා විවෘතකරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ භික්ෂූන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී එහි උද්ඝෝෂණයක නිරත වී සිටිති.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද මේ ස්ථානයේ සිටින බව වාර්තා වෙයි.

ඉසුරුපාය ගොඩනැගිල්ල තුළට ඇතුළු වී විරෝධතා පුවරු ඔසවාගෙන කෑ කෝ ගසමින් භික්ෂූන් වහන්සේලා එහි සිටින අතර අමාත්‍යාංශයේ කාර්යන්ද මේ වනවිට ඇණහිටින තත්වයක් උදාවී ඇත.

විනය විරෝධී හැසිරීම්, රාත්‍රී කාලයේ මත්පැන් සාද පැවැත්වීම්, අලුයම දක්වා ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතා කරමින් අවට ජනතාවට හිරිහැරයක් වන ආකාරයෙන් කටයුතු කිරීම, භික්ෂූන් විසින් පවත්වාගෙන යා යුතු විනය කටයුතු ඉටු නොකිරීම යන චෝදනා එල්ල කරමින් පසුගිය දා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමිණි. පසුව එහි ශිෂ්‍ය සංගම් අහෝසි කරන බව පැවසූ විශ්වවිද්‍යාල පාලන අධිකාරිය දැනුම් දුන්නේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු මුලින් ආරම්භ කර පසුව අදියර වශයෙන් අනෙකුත්  සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවයි.

එම තීරණයට විරෝධය දක්වමින් මේ විරෝධතාව ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!