spot_img
spot_imgspot_img

එංගලන්ත තරුණියකට, කිරින්දේ දී අතවර කළ ධීවරයෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

කිරින්දට පැමිණි එංගලන්ත ජාතික තරුණියක අපයෝජනයට ලක්කළ බව කියන ධීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ධීවරයෙකි.

තමන් දෙමාපියන් සමඟ කිරින්දට පැමිණ නවාතැන් ගත් බවත්, නවාතැන් ගෙන සිටි ස්ථානයට ඉදිරිපිට මාර්ගයේ දී මහ මඟ ගමන්ගත් පිරිමි පුද්ගලයකු තමා අසළට පැමිණ බලහත්කාරයෙන් සිප වැළඳ ගත් බවත්, එම පුද්ගලයා සමඟ තමන් පොරබැදූ අවස්ථාවේ ඔහු පළාගිය බවත් සිද්ධියට මුහුණ දුන් එංගලන්ත ජාතික තරුණිය කිරින්ද පොලිසියට පැමිණිලි කර තිබිණි.

එම සැකකරුට අයත් ජංගම දුරකථන පොරබැදූ ස්ථානයේ වැටී තිබුණු බව පවසමින් ඇය එම දුරකථනය පොලිසියට භාර දුන්නාය. එම දුරකථනයේ තිබූ ඡායාරූප ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරින්ද පොලිසිය පවසන්නේ සැකකරු අද (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!