spot_img
spot_imgspot_img

ආයුධ පෙන්වන්න ගිය සැකකරුවෙක්, පොලිස් වෙඩි පහරින් මරුට

පුවත්

විදෙස්

පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරුවකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අද (23) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. පසුව එම සැකකරු කටුනායක මාදුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි 40 හැවිරිදි අයෙකි.

පොලිසිය පවසන්නේ අපරාධ රැසකට සම්බන්ධ ඔහු අපරාධ සඳහා යොදාගත් ආයුධ තොගයක් මාදූව වගුරු බිමක සඟවා ඇති බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් පොලිස් කණ්ඩායමක් විසින් ඔහු එහි රැගෙන ගිය බවයි. එහි දී සැකකරු සඟවා තිබූ අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට  උත්සාහ ගත් බවත් පොලිසිය එම අවස්ථාවේ වෙඩි තැබූ බවත් කියයි.

සැකකරු එල්ල කිරීට උත්සාහ ගත් බව කියන අත්බෝම්බය පුපුරා ගොස් නැත. පොලිසිය විසින් බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවා එය නිෂ්ක්‍රිය කර ඇත.

ආයුධද පෙන්වන්න රැගෙන යන සැකකරුවන් පොලිසිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධි අධික ලෙස වාර්තාවන බැවින් එලෙස සැකකරුවන් රැගෙන යාමේ දී නිශ්චිත ක්‍රමවේදයක් සකස් කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා පොලිස්පතිවරයාට නියෝග කළේය.

එම නියෝගය කර තිබිය දී මේ සැකකරු ද ආයුධ පෙන්වීමට රැගෙන ගොස් සිටිය දී පොලිසිය වෙත අත්බෝම්බයක් එල්ල කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් වෙඩි තැබීමක් සිදුකළ බවත් එම අවස්ථාවේ සැකකරු මියගිය බවත් පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!