spot_img

මරණ දඬුවම ගැන රනිල්ගේ තීරණය

පුවත්

විදෙස්

විත්තිකරුවන්ට එරෙහිව කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අතසන් නොතැබීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම් දීම කරන ලද්දේ 2019 වර්ෂයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුද්ගලයන් 04 දෙනකුට පනවා ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා සිය අත්සන යෙදීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේ දී ය.

එම පෙත්සම විභාග කිරීම අද කැදවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ එම දැනුම්දීම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles