3.2 C
New York

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම දින නියමක් නැතිව කල් යයි

Published:

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගියීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇතැයි ලංකා ගුරු සංගමේය ලේකම් ජෝශප් ස්ටාර්ලිං කීවේය.

අද (21) පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම කියා සිටියේ උත්තර පත්‍ර පරීක්ෂාව කල් දැමීමට සිදුවීම ඉදිරි විභාග සඳහා ද අහිතකර ලෙස බලපාන බවයි.

“2022 වර්ෂයේ අගෝස්තු මාසයේ තියන්න නියමිතව තිබූ උසස් පෙළ විභාගය තමයි මේ පසුගිය දා අවසන් වුණේ. කොරෝනා නිසා විභාගය කල් ගියා. පසුව ආර්ථික අර්බුදය නිසා විභාගය කල් දැම්මා. 2022 දෙසැම්බර්වල පවත්වන්න නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේ දී තියෙනවා. නැවත 2023 අගෝස්තු උසස්‍ පෙළ විභාගය, ශිෂ්‍යත්ව විභාගය එනවා. මේ විදියට විභාගයක ඇගයීම් කටයුතු කල් ගියාම ඒක සමස්ත විභාග ක්‍රියාවලියට ම නරක විදියට බලපානවා. ප්‍රශ්න පත්‍ර බලන්න විතරක් නෙවෙයි තියෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණත් තියෙනවා. මේ ඇගයීම් ක්‍රියාවලියට ගෙවන මුදල ප්‍රමාණවත් නොවීම නිසා ගුරුවරු එ් සඳහා අයදුම් කරලා නැහැ. මේ නිසා ඇගයීමේ ක්‍රියාවලියට අවශ්‍ය ගුරුවරුන් නොමැතිවීම නිසා එය කල් ගිහින් තිබෙනවා.” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img