spot_img
spot_imgspot_img

බෑණාගේ ලොරියට යට වී නැන්දා මරුට

පුවත්

විදෙස්

බෑණා විසින් පැද වූ ලොරියකට යට වී 66 හැවිරිදි නැන්දණිය මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රනාල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. නවගමුව, සුදවිල ප්‍රදේශයේ දී මේ අනතුර සිදුව ඇත. සිය නැන්දණියට කෑම පාර්සලයක් ලබාදීමට ලොරියෙන් පැමිණි බෑණා, කෑම පාර්සලය ලොරියේ සිට ම දී ඇති අතර නැවත ඉදිරියට ධාවනය කිරීමේ දී නැන්දණිය රියට යට වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මියගිය කාන්තාව පය ලිස්සා ඇද වැටී ලොරියේ වම් රෝදයට යට වී ඇතැයි පොලිසිය පවසයි. කාන්තාව නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!