spot_img
spot_imgspot_img

පළාත් පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන්ට

පුවත්

විදෙස්

සැළසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බැවින් ලබන මාර්තු මස 19 වැනි දින සිට සියලු ම පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත්වීමට නියමිතය.

පළාත් පාලන ආයතනවල නිල කාලය මේ වනවිට වසරකින් දීර්ඝ කර ඇති අතර ඒ අනුව මාර්තු මස 19 වැනි දිනට පෙර මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ බැවින් මැතිවරණ කොමිසම මාර්තු 09 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබිණි.

නමුත්, අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට මැතිවරණයේ වියදම් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වී තිබේ. මැතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේ නම් මහ නගර සභා 23ක පාලනය නාගරික කොමසාරිස්වරු යටතට ද, නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 271ක පාලනය නාගරික ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට පැවරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!