කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 15,882ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,876ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,628ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 446
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 332
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපිය්ල මිලියන 279
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 32
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
- ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ලාෆ් ගෑස් සමාගම (X) 12%
- ලංකා වෙන්චර්ස් සමාගම 08%
- යුනියන් බැංකුව 05%
සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් 1,985,000ක් රුපියල් 170 බැගින්
- ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 27 බැගින්
- ඒෂියන් හොටෙල් ප්‍රොපර්ටීස් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 40.00 බැගින්
- ලංකා අයිඕසී කොටස් 115,000ක් රුපියල් 175.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 339
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 161ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 14ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 147ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 90
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 21
- හෙළ ක්ලෝතින් සමාගම රුපියල් මිලියන 11
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 14
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ