කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 21,507ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,244ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 233ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,718ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 221
- හේලීස් සමාගම රුපියල් මිලියන 221
- සම්පත් බැංකුව රුපියල් මිලියන 141
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 14
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එල්සීබී ෆිනෑන්ස් සමාගම 19%
- එච්එන්බී ෆිනෑන්ස් සමාගම 16%
- පීපල්ස් ලීසිං සමාගම 16%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 40.00 බැගින්
- ජෝන් කීල්ස් කොටස් ලක්ෂ 05ක් රුපියල් 137.50 බැගින්
- ලයන් ලාගර් සමාගම කොටස් 86,700ක් රුපියල් 600.00 බැගින්
- හැටන් නැෂනල් බැංකුව කොටස් 265,000ක් රුපියල් 79.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 387
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 178ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 118ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 60ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හේමාස් සමාගම රුපියල් මිලියන 84
- ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 52
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 76
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 17
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ