කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 17,947 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,857ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 98ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,484ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 262
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 183
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 179
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 25
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 11
- එල්ඕඑල්සී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සීඑෆ්අයි සමාගම 14%
- බන්සේ රිසෝට් සමාගම 11%
- ලුමිනෙක්ස් සමාගම 10%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 485,000ක් රුපියල් 136.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 371
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 101ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 32ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 69ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 43
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 15
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 07
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ