නිරෝධායනය අවසන් කර තම නිවෙස බලා යමින් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී අද (06) හමු වූ බව පුත්තලම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලමේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ නිවස ආසන්න මාර්ගයක තිබූ මළ සිරුර පරීක්ෂා කර ඔහුගේ අනන්‍යතාව සොයාගත හැකි වූ බව පොලිසිය කියයි. හෙට්ටිපොළ ආපනශාලාවක සේවය කරමින් සිටි මෙම පුද්ගලයා නිරෝධායනයට යොමු කර ඇත්තේ එම ආපනශාලාවට ආසාදිත පුද්ගලයකු පැමිණි බවට වාර්තාවීම හේතුවෙනි. ඔහු සමග ආපන ශාලාවේ තවත් සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමුකර තිබිණි.
ඔහුගේ නිරෝධායන කාලය 04 වැනි දා අවසන් වූ බැවින් ඊයේ (05) සිය නිවෙස වෙත පිටත්වී ඇත. පොලිසිය සඳහන් කරන්නේ ඔහු නිවසට පැමිණෙමින් සිටිය දී මියගොස් ඇති බවයි.
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම දැයි තහවුරු කරගැනීම සඳහා මළ සිරුරෙන් ජෛව සාම්පල ගෙන පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අංශ පවසයි.
පුත්තලම පොලිසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.