spot_img
spot_imgspot_img

“ගජමෑන්” සජීවීකරණය වී හෙට සිට ප්‍රේක්ෂකයන් අතරට එයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය කාටූන් චරිතයක් වූ “ගජමෑන්” ඇසුරෙන් නිර්මාණය කරන ලද ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය හෙට (20) සිට මෙරට සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය.

පුවත්පත් පාඨකයන් අතර ජනප්‍රිය ගජමෑන් සිනමා නිර්මාණයක් බවට පත්වන්නේ අපි‍ නොදන්න ලයිව් තුළින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් චීටි මල්ලී සහ පොඩි මල්ලී හෙව් සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් දෙදෙනාගේ පිටපත් රචනයෙනි.

ඔවුන් දෙදෙනා මේ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍ර පටයේ ප්‍රධාන හඬ කැවීම් ශිල්පීන් දෙදෙනා ද වෙයි. චානක පෙරෙරාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ “ගජමෑන්” නිෂ්පාදනය කර ඇත්තේ ස්ටුඩියෝ 101 ආයතනය විසිනි.

මෝෂන් කැප්චර් නමැති සජීවීකරණ නිර්මාණ්‍ය සඳහා යොදාගන්නා ඉතාමත් ඉහළ තාක්ෂණයක් භාවිතා කරමින් මේ චිත්‍රපටය නිපදවීමට වසර 10 ආසන්න කාලයක් ගත වී ඇත.

මෙය ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද පළමු 3D චිත්‍රපටයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!