අනිවාර්ය මරණයක් උරුම කරදුන් රෝගයක් ලෙස සැළකෙන ජලභීතිකාව මර්ධනය කිරීම සඳහා කොටස් 14කින් යුතු එන්නතක් ලුවී පාස්චර් විසින් සොයාගන්නා ලද්දේ 1885 ජනවාරි 16 වැනි දිනයක දී ය.
19 වැනි සියවස අග භාගයේ දී සමස්ත ලෝකය පුරාම විශේෂයෙන් ම යුරෝපය පුරාම ජලභීතිකාව දරුණු ලෙස පැතිරයමින් තිබිණි. සතකුගේ සපාකෑමක දී ජලභීතිකාව සෑදී මරණයෙන් වැළකීම ඉතාමත් කලාතුරකින් ලැබෙන වරප්‍රසාදයක් ලෙස සැළකිණි. සතකු සපා කෑ වහාම හැකි ඉක්මණින් තුවාලය පිරිසිදු කර දෙවියන් වෙනුවෙන් කන්නලව් කිරීම හැර යුරෝපීයයන්ට වෙනත් කිසිම විකල්පයක් තිබුණේ නැත.
ජීවීන් ඕපපාතිකව බිහිවනවා යැයි ලෝකයේ තිබූ ස්වයං සිද්ධ ජනනවාදය අභියෝගයට ලක්කළ ලුවී පාස්චර් වාතයේ ඇති විෂබීජවලින් ලෙඩ රෝග බෝවන බවද සනාථ කරන ලදී. ජලභීතිකාවව වැළඳුණු සතකුගේ ඛේඨය ලබාගෙන ඒ තුළින් අදාල වයිරසය වෙන්කර ගත් මේ ප්‍රංශ ජාතික විද්‍යාඥයා ජලභීතිකාවට එරෙහි ප්‍රතරෝධයක් ශරිරයේ ම ඇතිවන පරිද්දෙන් එන්නතක් නිපදවීමට සමත්විය.
මෙම එන්නත මුල්වරට 1885 ජූූලි 06 වැනි දා ජලභීතිකාව වැළඳුණු බල්ලකු විසින් සපා කෑ ජෝසප් මෙයිස්ටර් නමැති 09 හැවිරිදි දරුවාට එන්නත් කිරීමට ලුවී පාස්චර් කටයුතු කළේය. මෙයිස්ටර් හට ජලභීතිකාව වැළඳුණේ නතැ. මේ නිසා ප්‍රංශයේත් යුරෝපයේත් ජලභීතිකා එන්නත ඉතාමත් ඉක්මණින් ජනප්‍රිය වූ අතර රෝගය වැළඳීමේ අවදානමක් සහිත සතුන්ටත්, මිනිසුන්ටත් ලබාදීම 20 වැනි සියවස ආරම්භයේ දී පටන් ගැණිනි.