මිනිසකුගෙන් තවත් ඒ හා සමාන මිනිසකු කෘතිමව බිහිකිරීම හෙවත් මානව ක්ලෝනකරණය කිරීමේ හැකියාව 20 වැනි සියවසේ වැඩි කාලයක් කතාබහට ලක්වුව ද එය පුළුල්ව සැළකීම ආරම්භ වූයේ 1969 වර්ෂයේ දී ය.
ජේ.බී.එස්හැල්ඩේන් මානව ක්ලෝනකරණය ගැන මුලින්ම හඳුන්වාදුන් අතර එවැනි ක්‍රම 20 වැනි සියවසේ මුල් කාලයේ සිට කෘෂිකර්ම කටයුතු සඳහා භාවිතා කෙරිණි.
1963 වර්ෂයේ දී මිනිසා සහ ඔහුගේ අනාගතය පිළිබඳ CIBA Foundation සම්මන්ත්‍රණයේ දී හැල්ඩේන් “ඉදිරි දස දහස් අවුරුදු මානව විශේෂ සඳහා ජීව විද්‍යාත්මක හැකියාවන්” යනුවෙන් දේශනයක් කළේය.
“නිශ්චිතවම දන්නා රසායනික සංයුතියකින් යුත් මාධ්‍යයක් මත සමහර මානව සෛල රේඛා වර්ධනය කළ හැකියි. එක් සංසේචනය කළ බිත්තරයකින් ක්ලෝනයක් නිෂ්පාදනය කිරීමට හැකියි. ක්ලෝනකරණය කළ හැකි යැයි උපකල්පනය කළහොත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරුණු විට බොහෝ ක්ලෝන අවම වශයෙන් වයස අවුරුදු පනහකට වඩා වැඩි පුද්ගලයින්ගෙන් සිදුවනු ඇතැයි මම අපේක්ෂා කරනවා. නර්තන ශිල්පීන්, තරුණ ක්ලෝන කරනු ඇත. ඒවා සාදනු ලබන්නේ සමාජීය වශයෙන් පිළිගත හැකි ජයග්‍රහණයක විශිෂ්ටයන් ලෙස සැලකෙන පුද්ගලයන්ගෙනි.”
නොබෙල් ත්‍යාගලාභී ජාන විද්‍යාඥ ජොසුවා ලෙඩර්බර්ග් 1966 වර්ෂයේ දී ක්ලෝනකරණය සම්බන්ධ ලිපියක් වොෂින්ටන් පෝස්ට් හි පළ කළේය. ඔහු ජනා ඉංජිනේරු විද්‍යාව වෙනුවෙන් සහ ක්ලෝනකරණය වෙනුවෙන් පෙනී සිටි අයෙකි.
1996 දී ඩොලී නමින් හඳුන්වන බැටළුවෙකු ක්ලෝන කිරීමත් සමඟ මානව ක්ලෝනකරණය පිළිබඳ අදහස උණුසුම් විවාදාත්මක මාතෘකාවක් බවට පත්විය. බොහෝ ජාතීන් එය තහනම් කළ අතර විද්‍යාඥයන් කිහිප දෙනෙක් ඉදිරි වසර කිහිපය තුළ ක්ලෝනයක් සෑදීමට පොරොන්දු වූහ. පළමු මානව ක්ලෝනය 1998 නොවැම්බර් මාසයේදී නිර්මාණය කරන ලදී . මිනිසෙකුගේ පාදයේ සෛලයකින් න්‍යෂ්ටියක් ලබාගෙන එළදෙනකුගේ ඩිම්භයක් තුළට ඇතුළු කර න්‍යෂ්ටිය ඉවත් කර දෙමුහුන් සෛලය වගා කර එය කලලයක් බවට පත් කරන ලදී . දින 12 කට පසු කලලය විනාශ විය.
එසේ වුව ද 1998 ජනවාරි 12 වැනි දා මානව ක්ලෝනකරණය යුරෝපීය රටවල් 19ක තහනම් කෙරිණි.