spot_img
spot_imgspot_img

බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට දෙයි. ඉන්දියාවේ කරුළු උණ

පුවත්

විදෙස්

බිත්තර ආනයනය කිරීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනකුට ලබාදෙන බව වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු අද (12) කිවේය.

අඩුම මිල ගණන් ඉදිරිපත් කර තිබූ සැපයුම්කරුවන්ට ටෙන්ඩර් පිරිනමා ඇති බවත්, සෞඛ්‍ය අංශයෙන් අවසරය ලැබුණු වහාම ආනයන කටයුතු කරන බවත් හෙතෙම පවසයි.

ඔහු පවසන්නේ ඉන්දියාව ලෝකයේ විශාලත ම බිත්තර අපනයනකරු බැවින් ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් බිත්තර ගෙනඒම ගැටලුවක් නොවන බවයි.

මේ වනවිට ඉන්දියාවේ කුරුළු උණ පැතිරෙමින් තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. කුරුළු උණ පවතින කිසිදු රටකින් තවත් රටකට බිත්තර ආනයනය කිරීම සෞඛ්‍ය අංශ අනුමත කරන්නේ නැත. අඩුම මිල ගණන් ඉදිරිපත් කරන ලද

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසන්නේ කුරුළු උණ පවතින රටවලින් බිත්තර ආනයනය කිරීමට අවසර දිය නොහැකි බවයි. මේ වනවිට පකිස්තානයේ සහ ඉන්දියාවේ කුරුළු උණ පවතින බැවින් ඉන්දියාවෙන් බිත්තර ‍ ආනයනය කිරීමට අවසර සෞඛ්‍ය අංශවල අවසර ලැබීම ගැටලු සහගතය.

ආචාර්ය කොතලාවල පවසන්නේ කුරුළු පසුගිය මාස 06ක කාලයේ දී කුරුළු උණ ඇත්නම් එවැනි රටකින් බිත්තර ආනයනය, කුකුළු මස්, කුකුළු පැටවුන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කළ නොහැකි බව ද ඇය පෙන්වා දෙයි. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ඉන්දුනීසියාව, මැලේසියාව සහ බ්‍රසීලය වැනි රටකින් බිත්තර ආනයනයට අවසර ලබාදිය හැකි බවද ඒ රටවල පසුගිය මාස 06ක කාල‍යේ දී කුරුළු උණ වාර්තා වී නැති බව ද අධ්‍යක්ෂ ජනරාල්විරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!