spot_img
spot_imgspot_img

ලොව මුල්වරට ඉන්සියුලින් එන්නත දී අදට වසර 101යි

පුවත්

විදෙස්

දියවැඩියා රෝගීන් සඳහා කරනු ලබන ප්‍රතිකාරයක් වන ඉන්සුයිලින් එන්නත් කිරීම මිනිසුන් සඳහා පළමුවරට හඳුන්වාදෙන ලද්දේ අද (ජනවාරි 11) වැනි දිනක දී ය. ඒ 1922 ජනවාරි 11 වැනි දා ය.

ඇන්ඩෲ ඇල්මන් ෆ්ලෙචර්, ඩන්කන් ආර්චිබෝල්ට් ග්‍රැහැම් සහ වෝල්ටර් රගල්ස් විසින් මේ ඓතිහාසික කාර්යය සිදුකරන ලදී.

පීක්කිඩ්ස් ‍නමැති රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 13ක් වූ ලෙනාඩ් තොම්සන් හට එන්නත ලබාදෙන ලදී. ඒ ටොරෙන්ටෝහි දී ය. ඒ මිනිස් ඉතිහාසයේ යම් පුද්ගලයකුට ඉන්සියුලින් ලබාදුන් ප්‍රථම අවස්ථාවයි. ඉන් දින 12කට පසු ඔහුට දෙවැනි වරට ද ඉන්සියුලිනි එන්නත් කෙරිණි. එවැනි දින ගණනක් ප්‍රමාදවීමට හේතුවූයේ එන්නත ලබාගැනීමත් සමඟ ඔහු පෙන්වන ලද අදාසත්මිකතා තත්වයයි.

එතෙක් සුනඛයන්ගේ අග්න්‍යාශ එන්සයිම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල ගෙන තිබිණි. දියවැඩයාව සඳහා ඉන්සියුලින් එන්නත් මාත්‍රාව ලබාගත් ඔහු තවත් වසර 13ක් ජීවත් වූයේය. නමුත් වයස අවුරුදු 26දී වැළඳුණු නිව්මෝනියාව හේතුවෙන් ඔහු මියගියේය.

ඔහු එදා කරන ලද කැපවීම අද කෝටි සංඛ්‍යාත ජනතාවගේ සුව සෙත පිණිස ම විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!